• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපති කියයි

18 July 2019
in දේශීය

තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ම ඔවුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකික ජාතිය සතු වූ විශිෂ්ට කුසලතාවයන් ඔප් නංවමින්, ජාතියේ අනාගතය වෙනුවෙන් තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් සමඟ සියලුදෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල් ජූලි 15 වන දින සමරනු ලබයි.

“නිපුණතාව මඟින් සාර්ථක ජීවිතයක්” යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ එය සැමරෙන අතර ඒ හා සමගාමීව තරුණ තරුණියන්ගේ වෘත්තීය සහ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්ත ව සංවිධානය කර තිබිණි.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 28
Previous Post

නිලධාරින් තීන්දු ගන්නා කාලය අනුව අපි අසරණ වෙනවා – ඇමැති රවි

Next Post

උතුරු පළාතේ කජු වතු නැවත සංවර්ධනයට

editor

editor

Next Post

උතුරු පළාතේ කජු වතු නැවත සංවර්ධනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved