ගාලු පුරවරයට නවමු විනෝදාස්වාද අත්දැකීමක් එක් කරමින් Yazu at the Beach විසින් සංවිධානය කරන ‘Bring Your Best Cake’ විශේෂ වැඩසටහන නොවැම්බර් 26 වැනිදා පස්වරු 1.00 සිට 6.00 දක්වා ගාල්ල Radisson Blu Resort හිදී පැවැත්වීමට නියමිතය.
මුහුදු වෙරළේ සුන්දරත්වය විඳිමින් තමන් නිවසේදී සකස් කළ හෝ මිලදී ගත් කේක් වර්ග අනෙකුත් සහභාගිවන්නන් සමඟ බෙදාහදා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වේ.
රසවත් කෙටි ආහාර, තේ සහ කෝපි, සජීවී කේක් මිශ්‍ර කිරීමේ වැඩසටහන්, වෙරළබඩ DJ සංගීතය සහ සජීවී සංගීතය ඇතුළු විශේෂාංග රැසක් මෙම වැඩසටහනට ඇතුළත් වේ.
එමෙන්ම, පස්වරු 5.30 සිට 6.30 දක්වා තෝරාගත් පාන වර්ග සඳහා එකක් මිලදී ගැනීමේදී තවත් එකක් නොමිලේ ලබාදීමේ විශේෂ දීමනාවක් ද ක්‍රියාත්මක වේ. එක් පුද්ගලයෙකු සඳහා ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 1,500කි.
ඉන්දියාවේ ප්‍රකට Pan-Asian අවන්හල් සන්නාමයක් වන Yazu හි පළමු ජාත්‍යන්තර ශාඛාව ලෙස මෙම වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Yazu at the Beach, ජපන් සහ කැන්ටනීස් ආහාර ඇතුළු විවිධ ආහාරපාන හා විනෝදාස්වාද අත්දැකීම් දකුණු වෙරළ තීරයට එක්කර තිබේ.
දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙවැනි නිර්මාණශීලී වැඩසටහන් ඉදිරියේදීත් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව එම ආයතනය සඳහන් කරයි.
වැඩසටහන සඳහා ආසන වෙන්කරවා ගැනීමට 070 748 6486 දුරකථන අංකය අමතන්න.
















