27 July 2024
#දේශීය

ත්‍රස්තවාදි සහරාන්ව මම කවදාවත් දැකලා නෑ – රිෂාඩ්ගෙන් විමල්ට එරෙහිව පැමිණිල්ලක් (විඩියෝ)

තමා සම්බන්ධව බොරු චෝදනා කරමින්, ත්‍රස්තවාදී සහරාන්ව හා තමා සම්බන්ධ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක ප්‍රකාශ කර සිටියේ සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ලබා දී ඇති බවත් එය සම්පුර්ණයෙන් අසත්‍ය චෝදනාවක් බවයි.

ඒ පිළිබද අද දිනයේදී කොළඹ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *