• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරණාත්මකයි !… මොන අමාරුකම් තිබ්බත් ජනතාව අමතක කරන්නේ නෑ …- ඇමැති කිරිඇල්ල

5 October 2018
in දේශීය

ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මක බවත් මොන ආර්ථීක අමාරුකම් තිබුණත් රජය රටේ සාමාන්‍ය ජනතාව අමතක නොකරන බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්දිරිය වැඩසටහන යටතේ ලංකාපුත්‍ර බැංකුවෙන් ණය හිමිකම් ලැබූ ව්‍යවසායකයින් පිරිසකට ණය මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් 200කට පමණ රු.මිලියන 10ක මුදලක් ණය මුදල් වශයෙන් ප්‍රධානය කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මකයි. අද ඇමරිකාව ඉරානයට විරුද්ධව සම්බාධක පනවා තිඛෙනවා. ඉරානය අපේ රටෙන් විශාල තේ ප්‍රමාණයක් මිලදී ගන්නවා. නොවැම්බර් මාසේ ඉඳලා එ් අපනයන ආදායම අපට අහිමි වෙන්න පුළුවන්. එ් ආදායම අපි අළුතෙන් හොයා ගන්න ඕනේ. එ් අමාරුකම් මැද්දෙත් රටේ සාමාන්‍ය ජනතාව අපි අමතක කරලා නැහැ. මොන බාධක ආවත් රජයේ වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

දැන් රටේ නීතිය ක්‍රියාක්මක වෙනවා. අද මැති ඇමතිවරුන්ට එක නීතියක්, අනිත් අයට එක නීතියක් නෑ. සියළු දෙනාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙනවා. අධිකරණය ස්වාධීන කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ එතුමාට ඕනෙ කෙනෙක් පත් කරන්න පුළුවන් අග්‍ර විනිශ්චයකාර වුනත්. කාටවත් එ්කට විරුද්ධ වෙන්න බෑ. නමුත් අද එ් තත්වය වෙනස්. අද ජනාධිපතිතුමා නමක් යෝජනා කලත් එ් නම ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත වෙන්න ඕනේ. ජනාධිපතිවරයා එවන නම වුනත් ප්‍රතික්ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට අයිතිය තියෙනවා.

කැබිනට් මණ්ඩලයේදී බැංකු ලබන විශාල ලාභය ජනතාවට ලබාදීම පිලිබඳ සාකච්ඡා වුනා. බැංකු මීට වඩා ජනතාවට සමීප කරන්න ඕනේ. ඕනෙ කෙනෙක් බැංකුවකට යන්නේ විශාල චකිතයකින්. එ් නිසා රජය තීරණය කලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හැකිතරම් ණය ලබා දීල ගම්මට්ටමෙන් ව්‍යවසායකයන් බිහි කරන්නට. ඕනෙ වැඩක් කරද්දි කඩාකප්පල් කරන අය ඉන්නවා. බැංකුවලත් 1%ක් විතර එහෙම අය ඉන්නවා. 99%ක්ම ඉන්නේ හොඳ අය. සමහරු පාවිච්චි කරන වචන ප්‍රසිද්ධියේ කියන්නත් බැහැ. මේ වැඩපිලිවෙල කඩාකප්පල් කරන්න එපා කියලා මම එ් අයගෙන් ඉල්ලනවා. තවදුරටත් ඇප කොන්දේසි ලිහිල් කරල ව්‍යවසායකත්වය දියුණු කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. යැයි අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ ලංකාපුත්‍ර බැංකුවේ සභාපති නීතීඥ සුජිත් කාරියවසම්, බැංකුවේ නිළධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 26
Previous Post

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව වැඩපිළිවෙලට නෝර්වේ රාජ්‍යයෙන් පුර්ණ සහාය

Next Post

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනි තලතා

editor

editor

Next Post

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ - ඇමතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved