27 July 2024
#විලාසිතා

“තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා” උපහාර උළෙලට ජනපති ජනපති එක් වෙයි

ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ,තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගීත රචනා කලාවට මහගු මෙහෙවරක් ඉටු කළ මෙම ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කෙරිණි. තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළට එක් වූ ජනාධිපතිවරයා ප්‍රවිණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා ඇතුළු කලාකරුවන් විසින් පිළිගන්නා ලදි.

දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු ගායක ගායිකාවන්, ගී පද රචකයන් සහ කලාකරුවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *