• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේ ගොවියා කබලෙන් ලිපට… – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

26 February 2020
in දේශීය

මාස එකහමාරක පමණ සිට මේ දක්වා පවතින අඛණ්ඩ නියං තත්ත්වය හේතුවෙන් රත්නපුරේ තේ ගොවියන් තේ වගාවන් නැංවීම සඳහා බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සහ ජීවත්වීමට නොහැකි වී කබලෙන් ලිපට වැටී ඇති බව රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස., පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තේ වගාවේදී ගොවි මහතුන් මුහුණපාන අභියෝග පිළිබඳ නිවිතිගල නගරයේ අද (26) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ තේ කර්මාන්තය හරහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා දෙන බවයි.

එම නිසා මෙම අසීරු අවස්ථාවේ තේ වගා කරුවන් තේ කර්මාන්තයෙන් ඈත්වීමට ඉඩනොදී ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවද අවධාරණය කළේය. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල ඇඹිලිපිටිය, ගොඩකවෙල, පල්ලෙබැද්ද ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව එළවළු වගාවට යොමුවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා අද වන විට එම වගාවද නියඟයේ දැඩි බලපෑමට ලක්ව සිටින බව පෙන්වා දුන්නේය. එසේම එම නිසා වගාවන් පිළිස්සී ගොස් ඇති බවත් එබැවින් එම ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය පහත වැටී ඇති අතර එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය. එම දෙපිරිසම රටේ ආර්ථික හා දෛනික ජන ජීවිතයට සෘජුව බලපැම් කරන අය බවද එම නිසා මෙම තේ ගොවීන් හා එළවළු ගොවීන් සඳහා නියං ආධාර හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්, බැංකු ණය වාරික ගෙවීමට වැඩිපුර සහන කාල සීමාවක් ලබා දෙන ලෙස ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී පැවසීය. මෙම සංවේදී කාරණාව සඳහා රජයක් හැටියට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවත් ගොවි මහතුන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශවාසීන් සහ ගොවි මහතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

ඖෂධ හිඟය අවසන් : අත්‍යාවශ්‍ය ඖෂධ 310ක් ආනයනය කරයි

Next Post

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

editor

editor

Next Post

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved