• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු පලාතේ වැඩබලන විදුහල්පතිවරුන්ට දීමනාවක් – ආණ්ඩුකාර කිර්ති

21 March 2019
in දේශීය

දකුණු පළාතේ සියළුම වැඩ බලන විදුහල්පතිවරුන් සදහා ‘විදුහල්පති දීමනාව‘ ලබාදීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි වැඩ බැලීම සදහා පත් කළ විදුහල්පතිවරුන් දෙසීයකට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන්ට හිමිවිය යුතු දීමනා වසර ගණනාවකින් හිමිවී නොමැති බවත්, වැඩ බලන විදුහල්පතිවරුන් සදහා හිමිවිය යුතු දීමනා සියල්ල වහා ලබාදීමට කටයුතු කරන බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින්.

දකුණේ පළමු වසර සදහා දරුවන් ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්නය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ විසදී ඇති බව ද හෙතෙම පැවසිය. සුදුසුකම් සහිත නමුත් විවිධ හේතු මත පාසල් අහිමි වූ සිසුන් 219 කට මේ වන විට පාසල් ලබා දී ඇති බව ප්‍රකාශ කළ තෙන්නකෝන් මහතා වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය, මාතර ඕල්කට් පාසල්වලට පැවති ගැටළුව ද මෙම සතිය තුළ විසදන බව පැවසීය.

දකුණු පළාතේ ගුරුවරුන් බෙදීයාම පිළිබද විශමතාවයක් තිබෙන බවත් මාතර හා ගාල්ල අධ්‍යාපන කලාප තුල ගුරු අතිරික්තයක් පවතින අතර තවත් කළාප 9 ක ගුරු පුරප්පාඩු පවතින බව හෙතෙම අනාවරණ කළේය.

විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට පහසුකම් සපයාදීම අවශ්‍ය වන අතරම වැඩ බලන විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු සියළු දීමනා ලබාදීම තුළින් ඔවුන්ට වඩාත් හොදින් සිය රාජකාරි කටයුතු ඉටු කිරීමේ අවස්ථාව හිමි වන බව ද ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා පැවසීය.

 

Post Views: 8
Previous Post

සෑම දිස්ත්‍රික්කයකම,මැතිවරණ කොට්ඨාශයක් සඳහා එක් ඔසුසලක්

Next Post

අනුර – රනිල් හමුවක් හෙට

editor

editor

Next Post

අනුර - රනිල් හමුවක් හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved