• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු පළාතට ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද විවෘත වෙයි

6 September 2019
in සංවර්ධන

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින ජංගම සේවය අද (06 ) ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේදී විවෘත කෙරේ.

එමෙන්ම වායුසමනය කරන ලද ආසන තුන් සියයකින් යුතු නව ශ්‍රවණාගාරයකින් සහ රථ ගාලකින්ද සමන්විත ව ඉදිකරන ලද බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 874 ක වියදමක් යොදවා ඉදි කරන ලද නව ගොඩනැගිල්ලද අද දිනම විවෘත කිරීමට නියමිතයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙම ස්ථාන දෙකම විවෘත කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ශාඛාව ආරම්භ වීමත් සමගම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ වෙයි.

2017 ජනවාරි මස 09 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ, ආසන 300න් සමන්විත වායුසමනය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් සහ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් යුක්තව ඉදිකර තිබීමය. මෙහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

මෙම අවස්ථාවන් සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

Post Views: 17
Previous Post

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

Next Post

විමල්ගේ පක්ෂයේ තුන්වන මහා සමුළුවට මහින්දත් ගෝඨාත්

editor

editor

Next Post

විමල්ගේ පක්ෂයේ තුන්වන මහා සමුළුවට මහින්දත් ගෝඨාත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved