27 April 2024
#දේශීය

විමල්ගේ පක්ෂයේ තුන්වන මහා සමුළුවට මහින්දත් ගෝඨාත්

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහ සමුළුව ඉරිදා (08) සවස 2:30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව එම පක්ෂය පවසයි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස පස්වැනි විධායක ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මෙම ජාතික මහා සමුළුවේදී රට ගොඩනැගීම සඳහා වූ උපායමාර්ගික යෝජනා 14ක් සහිත යෝජනාවලියක් සම්මතකර එය ජයග‍්‍රහණයෙන් අනතුරුව ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *