• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇමැතිනි තලතාට ලිපියක්

17 January 2019
in දේශීය

දකුණු පළාතේ පිහිටි බන්ධනාගාරයක් තුළ නැවතත් එවැනිම පහරදීමක් සිදුවීමදැඩි කම්පනයට පත් කොට ඇති බවත් ඒ පිළිබඳ පරික්ෂනයක් පවත්වන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යවරියගෙන් දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරියට යවන ලද ලිපියෙහි සඳහන් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූ පහරදීම්, ඝාතන හා සිරකරුවන් පිළිබඳ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට තමාව වෙහෙස වු බවත් මේ වන විට දකුණු පළාතේ පිහිටි බන්ධනාගාරයක් තුළ නැවතත් එවැනිම පහරදීමක් සිදුවීමදැඩි කම්පනයට පත් කොට ඇති බවත් ඒ පිළිබඳ පරික්ෂනයක් පවත්වන ලෙසයි.

ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යවරිය වෙත යොමු කරන ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ගරු තලතා අතුකෝරල මැතිතුමිය,
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍යතුමිය,
ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණය,
කොළඹ_12.

හිතවත් අමාත්‍යතුමියණි,

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිදුව ඇති පහරදීම

2018.11.22 දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් පිරිසකට පහර දී ඇත. ඒ පිළිබඳව වීඩියෝ සාක්ෂි රැසක් සමාජ ජාලාවන්හි ප්‍රචාරය වෙමින් ඇත. මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට ඔබතුමිය නියෝග කිරීම සතුටට කරුණකි.

වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූ පහරදීම්, ඝාතන හා සිරකරුවන් පිළිබඳ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට මම පුද්ගලිකව වෙහෙසුණු බව ඔබතුමිය හොඳින් දනී. දකුණු පළාතේ පිහිටි බන්ධනාගාරයක් තුළ නැවතත් එවැනිම පහරදීමක් සිදුවීම මා දැඩි කම්පනයට පත් කොට ඇත.

බන්ධනාගාර විෂය පළාත් සභාවට අයත් නොවූවද, මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සහතික කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවයකි. මෙම ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ රැඳවියන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඒ පිළිබඳ විශේෂඥතාවක් සහිත පිරිසක් යොදවා මා විසින් මේ වන විටත් අරඹා ඇත.

උක්ත සිදුවීමට අදාළ පහත කරුණු මා වෙත වාර්තා වී ඇත.

1. සිදුවීමට අදාළ වකවානුවේදී එහි ආරක්ෂාව සඳහා කැඳවා තිබූ කණ්ඩායම් නිරන්තරයෙන් සිරකරුවන් නිරුවත් කොට පරීක්ෂා කිරීම සිදු කොට ඇත.

2. සිරකරුවන් වෙත ලැබෙන ආහාර නැවත ආහාරයට ගත නොහැකි තත්වයට පත් වන ලෙස පරීක්ෂා කිරීම සිදුව ඇත.

3. රැඳිවියන් හමුවීමට පැමිණි කාන්තාවක් නිරුවත් කර පරීක්ෂා කිරීමේ සිදුවීමකින් පසුව කාන්තාවන් රැඳවියන් බැලීමට පැමිණීම සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.

4. පහර දීමට අදාළ ආසන්නතම සිදුවීම සිදුව ඇත්තේ රැදිවියන් බැලීමට පැමිණි කාන්තාව නිරුවත් කොට පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. රැඳවියන් බන්ධනාගාරයේ කුළුණක් මතට නැග අදාළ පරීක්ෂාව සිදු කළ නිලධාරීන්ට විරෝධය පළකර ඇත.

5. සිද්ධිය සමතයට පත් වූ නමුත්, විරෝධය පළ කළ රැඳවියන්ට 2018.11.22 දින මෙම ප්‍රහාරය සිදුව ඇත.

6. ප්‍රහාරයෙන් රැඳවියන් පිරිසකට බාහිර තුවාල සිදුව ඇති බවද පැවසේ.

කෙසේ නමුත්, මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් තවමත් හඳුනා ගැනීමට / අනුමාන කිරීමට හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අසමත් වීම පිළිබඳව මා දැඩි කනස්සල්ලට පත්ව සිටිමි.

මෙයට පෙර වැලිකඩ හා අනුරාධපුර සිදුවීම් හේතුවෙන් බන්ධනාගාරයන්හි සිදුවන ඝාතන හා පහරදීම් සම්බන්ධයෙන් වන විමර්ශන කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ඔබතුමිය හොඳින් දනී. අඟුණුකොලපැලැස්ස ප්‍රහාරය සම්බන්ධයෙන්ද එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම අපගේ වගකීමයි.

අමාත්‍යංශ මට්ටමින්ද, විධිමත්, ඉක්මන් පරීක්ෂණයක් පැවැත්වීමටත්, පහරදීමට සම්බන්ධ පුද්ගලයින් විධිමත් කඩිනමින් පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට විරුද්ධව විධිමත් ආයතනික හා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඔබතුමියගේ කාරුණික අවධානය යොමු කරවමි.

මෙයට – විශ්වාසී
රජිත් කීර්ති තෙන්නකෝන්
ආණ්ඩුකාරවර
දකුණු පළාත

 

 

Post Views: 10
Previous Post

බහුතරය නැති අයට ඡන්දේ දිනනන් පුළුවන් ද?

Next Post

අවුරුදු 4ක් බෙර ගැහුවේ නෑ – අගමැති රනිල් කියයි

editor

editor

Next Post

අවුරුදු 4ක් බෙර ගැහුවේ නෑ - අගමැති රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved