• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න දෙන්නේ නෑ – අධ්‍යාපන ඇමැති කියයි

29 October 2019
in දේශීය

ආණ්ඩුව දේශපාලන වාසි බලාගෙන ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 48,000ක් ඇතුළත් කරගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය යොදාගෙන පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට තමන් කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, අදාළ ප්‍රවෘත්තියෙහි සඳහන් කර ඇති අයුරින් ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී එවැනි දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණක් තමාට කිසිසේත් ම නොතිබූ බවයි.

දිවයින පුරා ජාතික පාසල්වල 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම විධිමත් ව විනිවිදභාවයෙන් යුතුව 2019-05-31 දිනට සියලු ජාතික පාසල්වල පවත්නා සිසු පුරප්පාඩු සංඛ්‍යාව විදුහල්පතිවරුන් වෙතින් ගෙන්වා ගෙන එම සම්පූර්ණ පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදය, නිර්නායක සහිත ව ප්‍රථම වරට පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව, විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කරන ලද පුරප්පාඩු 44,568ක් සඳහා දිවයින පුරා සියලු සිසුන්ට ජාතික පාසල් වෙත අයදුම් කිරීමේ අවස්ථාව සලසා දෙන ලද බව ද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම, තමා විසින් ගත් මෙම තීරණය හේතුවෙන් අතරමැදි පාසල්වලට ඉල්ලුම් කළ සියලු දෙනාට සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසුන බවත්, බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ළමයින් ඇතුළත් කිරීම වෙනුවෙන් දිනපතා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණි දෙමව්පියන්ට මේ නිසා විශාල සහනයක් සැලසීමට හැකිවූ බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

කරුණු මෙසේ තිබිය දී, විදුහල්පතිවරුන් පාසල්වල ඉඩ නැති බවට කෙතෙක් පැවසූව ද ඉඩ පිළිබඳ නීති රීති නොසලකා මැතිවරණ අල්ලසක් ලෙස දරුවන් පාසල්වලට ඇතුළත් කර ඇති බවට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු විසින් ම නගන චෝදනාව ඉතා කණගාටුදායක බවත්, තමා හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කිසිදු නිලධාරියෙකු එවැනි දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය යොදාගෙන නොමැති බව වගකීමෙන් පැවසිය හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියි.

සෑම වසරක ම මෙන් මෙවර ද සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලබන රජයේ සේවකයින්ගේ දරුවන් වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් කිරීම සිදුකරන ලද බවත්, එමෙන් ම 38/2019 චක්‍රලේඛය අනුව ළමා නිවාසවල සිටින දරුවන්ට ආසන්නතම ජාතික පාසලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදීමට පියවර ගත් බවත් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසයි.

මාධ්‍ය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කරනුයේ එවැනි ඇතුළත් කිරීමකට අදාළ ව අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියකි. පාසලකට සිසුවෙකු ඇතුළත් කරගැනීමෙන් පසු ව තමා වෙත ඒ බව වාර්තා කරන ලෙස විදුහල්පතිවරයාට දැන්වීමට ලේකම්වරයාට රාජකාරිමය වශයෙන් බලතල පවතියි. එම නිසා පුරප්පාඩු නොමැති පාසල්වලට සිසුන් ඇතුළත් කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට බලපෑම් කර ඇති බවට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයකි.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මින් පෙර කිසිදු අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදු නොකළ ක්‍රියාවක් තමන් විසින් සිදුකිරීම ගැන බන්දුල ගුණවර්ධන මහතා කණගාටුවට පත්වන්නේ, ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා සමයේ දී සිසුන් ඇතුළත්කිරීම විනිවිදභාවයෙන් සිදුකිරීමට අපොහොසත්වීම නිසා විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

Post Views: 9
Previous Post

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

Next Post

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

editor

editor

Next Post

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved