27 April 2024
#විලාසිතා

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

නවීනතම හොන්ඩා යතුරු පැදි හා මෝටර් රථ – ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් අලෙවි නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම විසින් එහි සේවකයින්ගේ සෞන්දර්යය රසාස්වාදය ඉහළ නැංවීම උදෙසා වාර්ශිකව සංවිධානය කරනු ලබන Stafford Api Talent – Season 04 රියැලිටි තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත්වෙන සුහද හමුව මෙවරත් පිට පිට සිව්වන වරට පසුගිය සැප්තැම්බර් 21 වන දින කොළඹ Taj Samudra හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම හි කළමනාකාර අධ්‍යෂකවරයාග් සංකල්පයකට අනුව 2016 වසරේදී ප්‍රථම වරට මෙම රියැලිටි වැඩසටහන සංවිධානය වූ අතර, දෛනික රාජකාරි කටයුතු වලින් ඔබ්බට වූ තම සේවක පිරිසගේ දක්ෂතා එලි දැක්වීමට වේදිකාවක් තනා දීම මෙතුමාගේ මූලික අරමුණ විය.

ස්ටැෆර්ඩ් සුබසාධක සංගමයේ සභාපති දමිත ජයසුන්දර මහතගේ විසින් සංවිධානය කළ Stafford Api Talent – Season 04 සදහා 700 කට ආසන්න ස්ටැෆර්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අතර ගායන, වාදන, නාට්‍ය, නර්තන, නව නිර්මාණ සහ Mobile Star යන අංශ 6 කින් මූලික වටයන්හිදි දක්ෂතා දැක්වූ තරගකරුවන් හට අවසන් මහා තරගයට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී තිබිණි.

මාධව විජේසිංහ හා සචිනි නිපුන්සලාගේ නිවේදන ශක්තියෙන් අලංකාරවත් වූ මෙම තරගාවලියේ මහේෂ් දෙනිපිටිය, ශමිලා දැදිවල සහ පේෂල මනෝජ් ප්‍රවිනයන් විනිශ්චයෙන් දායක වූ අතර ජයග්‍රහකයන් තෝරා පත් කර ගැනීමේදී, දෙන ලද කාලය තුළදී තරගකරුවන් ලබා ගත් SMS මනාප මෙන්ම විනිශ්චයකරුවන් විසින් ලබා දුන් නිර්දේශයන්ද සැලකිල්ලට ගනු ලැබිණි.

ජයග්‍රහකයන් වෙනුවෙන් වටිනා කුසලාන හා ත්‍යාග ලබාදීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබුනි. ලබන වසරේදී තවත් නැවුම් අත්දැකීමක බලාපොරොත්තුව සහිතව මේ වසරේ Stafford අපි Talent නිමාව මෙලෙස සනිටුහන් වුනි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *