• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවා මෙන්ම රටේ අධ්‍යාපනයත් ස්මාර්ට් වෙන්න ඕන – අමාත්‍ය පී හැරිසන්

5 July 2019
in සංවර්ධන

සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් ලෙස අපි සංවර්ධනය වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ පොත් ටික ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා නොමිලේ සුදු රෙදි ලබා දුන්නා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොමිලේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා . මම දැක්කා අපේ දරුවෙක් දවසකට කිලෝ විස්සක් තිහක් පමණ පෙළපොත් ටික එල්ලගෙන යනවා. එහෙම ගියපුවාම මේ පෙළපොත්වල බරින් බලපෑමක් එල්ල වෙන්නේ දරුවාගේ කොන්දට. දැන් තාක්ෂණය දියුණුයි. වේගයෙන් සංවර්ධිත රටවල අන්තර්ජාලයට ගියපුවාම තමන්ගේ පාඩම බාගත කරන්න පුළුවන්. එය නරඹමින් පූර්ව උදාහරණ සහිතව විශ්ලේෂණය කර ගන්න පුළුවන්.දැන් මේ ක්‍රමවේදය ඇමරිකාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාවිත කරනවා. ඒ වගේම නිවසේ සිටම අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න පුළුවන්. තම ගුරුවරයාගෙන් තම පංතියේ ළමුන් සමඟ කෙටි පණිවිඩයකින් ඊමේල් එකකින් ඔවුන්ගේ අදහස් බෙදාහදා ගන්න පුළුවන්. සජීවීව තම ගුරුවරයා සමඟ තම අදහස් අදහස් හුවමාරු කරගන්න පුළුවන්. අද අපේ ලංකාවේ ළමයි පොත් පොත් ටික එල්ලගෙන පාන්දර දෙකට තුන තුනට නැඟිටලා පාසල් යනවා. පාසල ඇරුණාම අමතර පංති යනවා. දරුවා නිදාගන්නේ රෑ දහයට විතර. මේ ක්‍රමවේදය වෙනස් කිරීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ වූයේ. පෙළපොත් වෙනුවට අභ්‍යාස පොත් වෙනුවට මේ පරිගණකය මඟින් අධ්‍යාපනය හදාරන්න පුළුවන් නව තාක්ෂණය මේ සියවස තුළදී ම අපේ අධ්‍යාපනයට හඳුන්වලා ස්මාර්ට් පංති කාමර හා සුහුරු පන්තිකාමර කාමර නගරයේ දරුවාට වගේම ගමේ දරුවාටත් හදලා දෙනවා. ලෝකයේ දරුවන් හා අපේ ගමේ දරුවන් අධ්‍යාපන ජයගත යුතුයි ලෝකයේ තාක්ෂණයට අප මුහුණ දිය යුතුයි. දරුවාව අධ්‍යාපනයට ආකර්ෂණීයව නැඹුරු කළ යුතුයි . දැන් බලන්න සාමාන්‍ය පෙළ A නවයක් ගත්ත දරුවෙක් උසස් පෙළට ගණිතය, විද්‍යාව විෂය ධාරා කරන්න ගිහිල්ලා සාමාන්‍ය සාමාර්ථයක් වත් නැතුව විභාගය කඩාකප්පල් කර ගන්නවා. නමුත් මේ තාක්ෂණික විෂය ධාරාව සමඟ දරුවෙක් කැමති විෂය දරුවාට හදාරන්න පුළුවන් එයින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමු වෙන්න පුළුවන් අපි දරුවාගේ කැමැත්තට ඉඩ දිය යුතුයි. එදා සිදුවූයේ අම්මා තාත්තා කැමති විෂයට දරුවා යොමු වීම. නමුත් අද දරුවාට කැමති දරුවා දක්ෂ විෂය දරුවාට හදාරන්න පුළුවන්. මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපාධිධාරීන් 25,000 කට රැකියා අවස්ථා ලබා දීමේදී 5000ක් දුෂ්කර පාසල් සඳහා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට තීරණය කළෙත් මේ අධ්‍යාපනයට මුල් තැන ලබා දීම සඳහායි. යැයි අමාත්‍යවරයා පැවසිය.

අය වැයෙන් වැඩි මුදලක් වෙන් කළෙත් අධ්‍යාපනයට ඒ අපේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා. “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ අඟුණච්චිය මුස්ලිම් මහා විද්‍යාලයත්,කිරිගල්වැව මහා විද්‍යාලයත්, පදවිය බුද්ධංගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැඟිලි කිහිපයක්ම අමාත්‍යවරයා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.

 

Post Views: 13
Previous Post

සැහැල්ලු දුම්රිය පද්ධතිය ඇරඹීය මෙරට ගත් වැදගත් පියවරක් බව අගමැති කියයි

Next Post

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

editor

editor

Next Post

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved