• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැනුම් හා තාක්ෂණ අධ්‍යාපනය ඉදිරියට….. අගමැති කියයි !

4 April 2019
in දේශීය

දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් ලොව ඉදිරියෙන්ම සිටින බවත් දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) වෙනිදා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති ජනහමුවක දීය.

රජයට කොපමණ අපහසුතා තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැයකරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්කර තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම තුලින් එදා ගල්ලෑල්ල, කළුලෑල්ල භාවිතා කරමින් අධ්‍යාපනය ලැබුව යුගය පසුකර වයිට් බෝඩ්, සුහුරු පන්ති කාමර දක්වා පැමිණ තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙරට දරුවන්ට නවීන දැනුම ඔස්සේ ඉදිරියට ගොස් ලොව ජයගැනීමේ මංපෙත් විවරකර දීම සඳහා පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ” වර්තමානය වනවිට පරිගණකය මෙන්ම අයිෆෑඩ්, ටැබ් ආදිය තිබෙනවා. ගුගල්, යුටියුබ්, ට්වීටර් ඊමේල් ආදි විවිධ වූ අංග තිබෙනවා. මේ එකක්වත් එදා තිබුණේ නැහැ. අද සම්පූර්ණයෙන්ම ලොව වෙනස් වී තිබෙනවා. පුද්ගලයෙකුට ගමනක් යෑමට උවමනා කරන ත්‍රිරෝද රථය, ටැක්සිය අද තාක්ෂණය භාවිතා කර පහසුවෙන් ගෙන්වා ගත හැකියි.
මේ අනුව අපි අළුත් යුගයකට පා තබා තිබෙනවා. එමගින් අධ්‍යාපනය ලබාගත හැකියි. ලෝකය ස්මාට් යුගයකට පැමිණ තිබෙනවා. මේ ස්මාට් යුගය තව අවුරුදු දහයකින් පහළොවකින් වෙනස් වී වෙනත් යුගයක් ඇතිවේවි. එදා පළමු පරිගණකය මේ පාසලට මා ලබාදුන්නා. නමුත් අද පරිගණක, නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විවිධ වෛද්‍ය තාක්ෂණ, ජෙනටික්ස්, ආදි සෑම එකක්ම තිබෙනවා. මේ හැම එකකින්ම අපට උවමනා දැනුම ලබාගත යුතුයි. ඒ දැනුම මූලික වශයෙන් ලැබෙන්නේ පාසලින් බව සිහිපත් කළ යුතුයි. අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් බව කිව යුතුයි. ඒ රටවල කුඩා දරුවන්, ශිෂ්‍යයන්, වැඩිහිටියන් ආදි සෑම කෙනාම තාක්ෂණයට අනුව වැඩකටයුතු කරමින් ඉදිරියට යනවා. එසේ නම් අපට තාක්ෂණ දැනුම පදනම් කරගත් සමාජයක් තිබිය යුතුයි.

අද අප උත්සාහ කරන්නේ රටට අළුත් අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමටයි. අපි හැම විටම දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි නැවත දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා. පාසල් අධ්‍යාපනය දෙස බලනවිට අපේ රට ඉහළින් සිටිනවා. නමුත් දැන් ලබන අධ්‍යාපනය යල් පැනපු අධ්‍යාපනයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා මෙය වෙනස් කිරීම සඳහා අපි විශාල වැඩපිළිවෙලක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව කිව යුතු” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, විදුහල්පතිනි සුමේධා ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය නිලධාරින් හා ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීහු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

 

Post Views: 12
Previous Post

සමාජ මාධ්‍ය ගැන ඕස්ට්‍රේලියාවේ දැඩි නීති

Next Post

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

editor

editor

Next Post

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved