• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

21 March 2024
in දේශීය, පුවත්
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (21) පස්වරුවේ එක්වෙමිනි.

උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එම පිළිරුව අභියසදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණී දිසානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ජන්ම දින සැමරුම් උත්සවයේ කටයුතු අරම්භ වූ අතර ශ්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ විහාරාධිපති, එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

රට වෙනුවෙන් දිවිපිදු සියලු වීරෝධාර රණවිරුවන් සහ 1994 ඔක්තෝබර් 23 වැනි දින ගාමිණී දිසානායක මැතිතුමා සමඟ තොටලග ඛේදවාචකයට මුහුණ දෙමින් මිය ගිය සියලුදෙනා සහ ජාතික නායකයන් මෙන්ම ගාමිණී දිසානායක පදනමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත අධිනීතිඥ ශ්‍රීමා දිසානායක මැතිණිය ඇතුළු සියලුදෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

උත්සවයේ පිළිගැනීමේ කථාව ගාමිණී දිසානායක පදනමේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් සිදු කළේය.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, වඩිවෙල් සුරේෂ්, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස , ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද, ගාමිණී දිසානායක මහතාගේ පවුල් ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7,514
Previous Post

දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල්ගේ නිරීක්ෂණයට

Next Post

රට දියුණු තැනකට යොමුකරන්න තිබුණා මේ කුමණ්ත්‍රනකරුවෝ නොහිටියානම් – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

editor ttvnews

editor ttvnews

Next Post
නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

රට දියුණු තැනකට යොමුකරන්න තිබුණා මේ කුමණ්ත්‍රනකරුවෝ නොහිටියානම් - මන්ත්‍රී මහාචාර්ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved