• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුගි බව තුරන් කරන්න සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

5 September 2019
in දේශීය

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන ඊයේ (04) දින සමුළු ශාලාව වෙත ගොස් සිය සුභාශිංසන පිරිනමමින්.

උතුම් මහමත්තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිවරයා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමිනි.

මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමයට කැපවූ ප්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත් ය.

“අපට ශ්‍රී ලංකාව විශ්වාසය” “We Believe in Sri Lanka” යන තේමාව යටතේ රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක් ව සිටින අතර ශ්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටිති.

සියලු ජනකොටස් හා ආගමිකයන් අතර සාමය සහ විශ්වාසය ගොඩනැංවිමෙන් ශ්‍රී ලංකාව තුළ ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් ලබාදීම අන්තවාදය බැහැර කළ, සාමයට කැපවූ බෝරාවරුන්ගේ මෙම සමුළුවේ අරමුණ වන අතර ශ්‍රී ලංකාව සංචාරයට සහ වෙළෙඳාමට සුදුසු රටක් බව ලොවට කියා පෑම ද මෙහි තවත් අරමුණකි.

ඩොලර් මිලියන 31ක විදේශ විනිමයක් මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවට ගණන් බලා ඇත.

මෙවැනි සමුළුවක් මින් ඉහතදී 2007 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර 7000ක පමණ පිරිසක් ඊට එක් වූහ.

පා.ම ෆයිසර් මුස්තාපා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Post Views: 15
Previous Post

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා චීනය ද ඇමෙරිකාව ද ? : විජයදාස රාජපක්ෂ ප්‍රශ්නකරයි

Next Post

ලංවිමේ ගෞවරය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි – ඇමැති රවි

editor

editor

Next Post

ලංවිමේ ගෞවරය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved