• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් – ඇමැති රාජිත හෙළී කරයි

20 January 2019
in සංවර්ධන

දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවන ඖෂධ හා සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම අද (20) පෙරවරුවේ ආරම්භ කරමින්.

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 2.5 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රුකියා හිමි වෙයි. ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “දුම්බීම අවම කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 09 ක්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්වැටි සදහා සියයට 90 ක බදු පැනවීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. මම සාකච්ඡා මාර්ගයෙන් විසදීමට පියවර ගත්තා. පෞද්ගලික අංශය සමග අමනාපයක් නැහැ. නමුත් පෞද්ගලික අංශයෙන් දුප්පත් ජනතාවට අගතියක් වෙනවා නම් ඊට විරුද්ධව නැගී සිටිනවා. දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී තිබෙනවා. නමුත් රට තුල මතයක් ඇති කරනවා දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී තිබෙනවා කියලා. එය බොරුවක්. නිකොටින් වලට ඇබ්බැහි වූ අයට බීඩි භාවිතා කරලා එම සන්තර්පනය ලබා ගන්න බැහැ. බීඩි වල වැඩිවීමක් නැහැ. නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙනවා නම් රජය, පොලීසිය, ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව එය පාලනය කිරිමට පියවර ගත යුතුයි. දුම්කොළ සමාගම් විසින් තමයි නීති විරෝධි සිගරට් ලංකාවට ගෙනඒමට කටයුතු කරන්නේ. ඉන් පසු දුම්කොළ සමාගම ම ඔත්තුව ලබාදෙනවා. රට තුල ජනමතයක් ඇති කරනවා නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙලා කියලා. මහා භාණ්ඩාරයේ සිටින ඇතැම් නිලධාරින් ද දුම්කොළ සමාගම වෙනුවෙන් අදහස් දක්වනවා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ආරම්භ කළෞ ජනතාව දියවැඩියාවෙන් ආරක්ෂා කිරීමටයි. ඊටත් බලපෑම් එල් වුනා. නමුත් බලපෑම් වලට යටත් නොවී එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. දින 52 ක දේශපාලන අර්බුදය සමයේ පැණිබීම සදහා පනවා තිබූ බදු ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ ඊනියා අග්‍රාමාත්‍යවරයාට සහනයක් ලැබෙන පරිදි. වාර්තා වන පරිදි රුපියල් බිලියන 04 ක මුදලක් පැණිබීම සමාගම් වලින් ලබාගෙන තිබෙනවා. නමුත් මම යළී සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පැණිබීම බද්ද ක්‍රියාත්මක කළා. මෙහෙම තමයි දේශපාලන තීන්දු ගන්නේ. ඉදිරියට බලයට ආවොත් එවැනි තීන්දු තීරණ ගනියි. මැතිවරණ ජය පතා මුදල් ලබාගන්නවා. මටත් එහෙම මුදල් හම්බකරන්න තිබුනා. ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. එම නිසා ඖෂධ පරිහරණය වැඩි වී තිබෙනවා. ගුණාත්මක ඖෂධ භාවිතය වැඩි වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජාත්‍යන්තර මට්ටමේ පවතින ඖෂධ වලට ඖෂධ ලබා දෙනවා. රජයක් ලෙස ඖෂධ සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ ජාත්‍යන්තර වෙළෙද පොලට යොමු කිරීමට අවශ්‍ය සියළුම සහයෝගය ලබාදෙනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, ACE ඖෂධ කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, සෙලාන් බැංකුවේ නිලධාරීන්, ජනප්‍රිය නිළි මාලනී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් විශා පිරිසක් එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ – එජාප මන්ත්‍රී රහුමාන් කියයි

Next Post

දානපතීන් හා එක්ව පැල්පත්වාසීන්ට ඇමති අශෝක් ගෙවල් හදයි

editor

editor

Next Post

දානපතීන් හා එක්ව පැල්පත්වාසීන්ට ඇමති අශෝක් ගෙවල් හදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved