• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වට ගෙන්න ඕන – අගමැති  

1 August 2019
in ව්‍යාපාර

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරී ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 30 වන දින පැවති ලංකා බැංකුවේ 80 වන සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.

බැංකු ක්‍රමය හරහා පමණක් සිදු කළ නොහැකි බැවින් දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා සංවර්ධන අරමුදලක් පිහිටුවන බව අග්‍රාමාතවරයා පැවසීය.

මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ තුල අපට අවශ්‍ය මුදල් ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපානයේ බැඳුම්කර වෙළඳ පොළෙන් “සමුරායි” බැඳුම්කර ලබාගැනීමට අවස්ථාව උදාවී තිබෙන බවත්, වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන්වල විවිධ ගැටලූ ඇති වුණා. එම අවස්ථාවේ අපට අවබෝධ වූයේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට උදව් කිරීමට වෙනම අරමුදලක්, වෙනම ආර්ථික සංවර්ධන සංස්ථාවක් අවශ්‍ය බවයි. ඒ හරහා අපේ දේශීය ව්‍යාපාරිකයින් ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් බවට පත්කිරීමට හැකියාව ලැබෙනවා. එම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි බොහෝ අය කල්පනා කළා. නමුත් අපි ගත් පියවර නිසා රටේ ආර්ථිකය ක්‍රමනුකූලව දැන් දියුණු වී තිබෙනවා. තවත් මාස 3- 4 ක් ගත වන විට අපට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙනවා. මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොල තුළ අපට අවශ්‍ය මුදල් ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ප්‍රථම වතාවට ජපානයේ බැඳුම්කර වෙළඳපොලට ගොස් සමුරායි බැඳුම්කර ලබාගැනීමට අපි කටයුතු කරනවා. දැනටමත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ශ්‍රී ලංකාවට තිබෙනවා. මේ ආකාරයට අපි ඉදිරියට යා යුතුයි. අපේ රටේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. අපේ රටේ බැංකු සහ සමාගම් ඊට ඉදිරිපත් විය යුතුයි. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරිම සඳහා මුදල් වෙන් කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට කටයුතු කරනවා නම් කිසිම සැකයකින් තොරව අපට රටක් ලෙස සාර්ථක වීමට හැකියාව තිබෙනවා. ලංකා බැංකුව වසර 80 ක් සාර්ථකව ඉදිරියට ගෙන ඒමට උදව් උපකාර කළ සියලූ දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකා බැංකුවේ අනාගතය සාර්ථක වේවා යැයි අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ලංකා බැංකුවේ මහා කළමණාකාර සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ද, ආදීවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් ද, ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Post Views: 12
Previous Post

පොහොට්ටුවේ නායකත්වය මහින්දට දෙනවා – මන්ත්‍රී කංචන

Next Post

දස අවුරුද්දක වැඩ එක අවුරුද්දකින් කර තියෙනවා – ඇමැති පාඨලි

editor

editor

Next Post

දස අවුරුද්දක වැඩ එක අවුරුද්දකින් කර තියෙනවා - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved