• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව දේශපාලන පෙරළියක් ඇති කරනවා – අගමැති

25 August 2019
in දේශීය

රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළීයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) දින අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිමෙන් හා අංකුඹුර නව බස් තැවතුම්පොළ විවෘත කිරීමෙන් පසු පැවති ජනහමුව අමතමිනි.

සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය “රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනගන අපේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කිරීමෙන් තොරව අපේ අපේක්‍ෂකයා පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. ප්‍රතිපත්ති මාලාවත්, අපේක්‍ෂකයාත් යන දෙකම අප සතුව තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. රට දියුණු කර ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන කණ්ඩායම්වල වැඩපිළිවෙළ කුමක්දැයි අහන්න කැමැතියි.
ඡන්දය ලබාදීමේන් නුසුදුසු අයෙකු ජනාධිපති කිරීම ඔබේ අරමුණ වන්නේ නැහැ. එම ඡන්දයේදී ඔබටත්, රටටත් සිදුවන සේවය පිළිබඳව සිතා ඡන්දය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අලූතින් සිතමින් නව ප්‍රතිපත්ති සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන සියල්ලකම එකතුවෙන් නව සන්ධානය ඇති කර අපේක්‍ෂකයා නම් කරනවා. එහි මූලික වැඩකටයුතු අපි මේ වනවිටත් සිදු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. නව සන්ධානයක් වශයෙන් ඉදිරිපත්වීමට අපේ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කළ යුතුයි. එම ප්‍රතිපත්ති මගින් රට ගොඩනැගීමට පියවර ගත යුතුයි. මේ රට ගොඩනැගීමට වෙන කිසිවෙකුටත් බැහැ. අපිම සිතමින් රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. රට ගොඩනැගීම වෙනුවෙන් අප ඉදිරිපත් වන බව සඳහන් කරන්න කැමැතියි. නව සන්ධානය තුළින් දේශපාලන පෙරලියක් ඇති කිරීමටත්, එම පෙරලිය තුළින් රට ගොඩනැගීමටත් අප බලාපොරොත්තු වෙනවා. එක් එක් ආණ්ඩුවල වෙන වෙන පක්‍ෂ සමඟ කටයුතු කර අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. එකට එකතුවී ආණ්ඩු කිරීම, අමාරු කාලවල ආණ්ඩු කිරීම පිළිබඳවත් අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. අප ඇති කරන මේ නව සන්ධානය හැර වෙනත් කිසිම කණ්ඩායමකට එතරම් අත්දැකීම් නොමැති බව සඳහන් කරන්න කැමැතියි. එක්සත් ජාතික පක්‍ෂයේත් අනෙක් පක්‍ෂවලත් අනන්‍යතාවය රැකගනිමින් නව සන්ධානය ඇති කරනවා. පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ අනන්‍යතාවය ආරක්‍ෂා කරමින් මේ සන්ධානය හා එක් වනවා. මෙවැනි ශක්තිමත් බලවේගයකට මුහුණදීමට කිසිවෙකුටත් බැහැ. තමන්ට ප්‍රතිපත්තියක් හා රට ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් තිබේ නම් පමණක් පෝස්ටර්, පත්තර, රූපවාහිනි සියල්ල සුදුසු බව සඳහන් කරන්න කැමැතියි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින් හා රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

 

 

 

 

 

Post Views: 8
Previous Post

නිසි පුද්ගලයා වෙලාවට දානවා – ඇමති රවි

Next Post

හෙල්මට් දමා නිවසට ඇතුළු වී වෙඩි තබා දෙදෙනෙක් මරුට

editor

editor

Next Post

හෙල්මට් දමා නිවසට ඇතුළු වී වෙඩි තබා දෙදෙනෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved