27 April 2024
#දේශීය

හෙල්මට් දමා නිවසට ඇතුළු වී වෙඩි තබා දෙදෙනෙක් මරුට

හංවැල්ල, පහත්ගම නිවසකට ඊයේ (25) රාත්‍රියේ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැලඳ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවෙස් හිමියාට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබේ.

හංවැල්ල පොලිසිය ලද තොරතුරක් මත එහි විමර්ශනය සිදු කරනු ලැබු ඇති අතර වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු 43 ක් වන නිවෙස් හිමියා සහ වයස අවුරුදු 32 ක් වු අනෙක් පුද්ගලයා අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හංවැල්ල පොලිසිය විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *