• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාගරික සංවර්ධන අධිකාරිය මහාභාණ්ඩාගාරයෙන් යැපිය නොහැකියි – නව සභාපති නිමේෂ් කියයි

4 August 2022
in දේශීය

නාගරික සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු වීමට නොහැකි බවත් රජයට බරක් නොවී වැඩ කරන්න කියල මේ තනතුර භාර ගනිද්දි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තමාට උපදෙස් දුන් බව නව සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සුවිශේෂි වැඩ කොටසක් පැවරී ඇතැයි හෙතෙම පැවසිය.

සභාපතිවරයා මේ බව පැවසුවේ අද බත්තරමුල්ල,සෙත්සිරිපාය දෙවැනි අදියරේ පිහිටි එම අධිකාරියේදී වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේදී නව සභාපති නිමේෂ් හේරත් මහතා” රාජ්‍ය ආයතන නවීන තාක්ෂණය සමඟ සම්බන්ධවී වැඩ කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවකයනුත් තමන්ගේ යල්පැන ගිය අදහස් ඉවත දමා නව යුගයට ගැලපෙන ආකාරයට වැඩ කරන්න හුරු විය යුතුයි. නවීන ලෝකය සමඟ ගණුදෙණු නොකර අපිට ගමනක් යන්න බැහැ. මේ වනවිට අපේ රට අර්බුධ ගණනාවකට මුහුණදී සිටිනවා. ඩොලර් හිඟය ඒ අතරින් ප්‍රධානයි. මේ ඩොලර් හිඟයට විසඳුම් හොයන්නේ කොහොමද කියල අපි කල්පනා කරන්න ඕන. අපි නඩත්තු වෙන්න ඕන අපිම හොයාගන්නා මුදලින්. නාගරික සංවර්ධන අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු වෙන්න බැහැ. රජයට බරක් නොවී වැඩ කරන්න කියල මේ තනතුර භාර ගනිද්දි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මට උපදෙස් දුන්නා. අපි ඒ උපදෙස් අනුව වැඩ කරමු. මේ ආයතනයට වැඩ කරගන්න උගත්, බුද්ධිමත් ඉතා ධනවත් අය මෙන්ම දුප්පත්, අකුරු නොදන්නා ගැමියොත් එනවා. අපි ඒ සියළුම දෙනාට එකම විදියට සේවය ලබාදෙන්න ඕන. ඒනිසා වැඩ කරද්දි ඔබ හමුවට එන සියළුම දෙනා කෙරෙහි මානුෂීය ගුණයෙන් යුතුව සළකන්න කියල සියළුම සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු එම අධිකා‍රියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 19
Previous Post

ජනපති සහ චීන තානාපති අතර හමුවක්

Next Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර අතර හමුවක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved