• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිලධාරින් ලෙස ගන්නා නිවැරදි තීන්දු තීරණ වෙනුවෙන් පෙනි සිටිනවා – නව මුදල් ලේකම්

20 November 2019
in දේශීය

පැහැදිලි ජන වරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම පැවැසීය. එසේම ජනතාව පැහැදිලි තීන්දුවක් ලබා දී ඇති මොහොතේ අප නිලධාරීන් ලෙස නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බවත්ය ඔබ ලබා ගන්නා සෑම තීන්දුවක් වෙනුවෙන් ම තමා පෙනී සිටින බව ආටිගල මහතා කියා සිටියේය.

අද (20) භාණ්ඩාගාරයේ ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ආටිගල මහතා මේ බව පැවැසීය.

එහිදී ආටිගල මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ කලක් මුදල් අමාත්‍යාංශය ගෞරවණීය තත්ත්වයක් උදාකරගෙන තිබූ අතර එහි නිලධාරීන් ලෙස අප ද ඒ ගෞරවයේ කොටස්කරුවෝ වීමු. එහෙත් පසුව අප නිලධාරීන්ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අල්ලස් කොමිසමට සාක්ෂි ලබා දීමට යාමට සිදූවීමත් සමග එම ගෞරවණීය තත්ත්වය නැතිවී ගිය අතර නිලධාරීහු ද තීන්දු තීරණ ගැනීමෙන් වැළකී වගකීම අන් අයට පැවරීමට පුරුදුව සිටියහ. එසේ කිරීමට මුදල් අමාත්‍යාංශය යනු ක්‍රීඩා පිටියක් නොවේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතීම රට ඉදිරියට ගමන් කිරීමට බාධා පමුණුවන බැවින් නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව නිලධාරීන්ට තිබිය යුතු ය. ජනතාව පැහැදිලි තීන්දුවක් ලබා දී ඇති මොහොතේ අපි නිලධාරීන් ලෙස නිවැරැදි තීන්දු තීරණ ගත යුතු ය. ඔබ ලබා ගන්නා සෑම තීන්දුවක් වෙනුවෙන් ම තමා පෙනී සිටිනවා. අප මෙහි කාමරවලට වී කොපමණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ ද එම සංඛ්‍යා ලේඛනවලට අදාළ තත්ත්වයන් මහ පොළොවේ යථාර්ථය තුළ දක්නට නොමැති බව පෙනේ. එබැවින් සංඛ්‍යා ලේඛනවල ඇති දත්ත මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරලීම අපේ යුතුකම ය. සංඛ්‍යා ලේඛන අනුව ඒක පුද්ගල ආදායම ඉහළ තත්ත්වයේ තිබීම පිළිබඳව අප සතුටු වූව ද එය බිම් මට්ටමේ යථාර්ථයක් නොවන හෙයින් සැබෑ ලෙස එම තත්ත්වය ඇති කිරීමට නිලධාරීන් කැපවිය යුතු ය.

අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු අතර නිවැරැදි සහසම්බන්ධතාවක් පවත්වාගෙන යායුතු ය. ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් යම් කටයුත්තක් සඳහා මුදල් වෙන් කරද්දී එම මුදල් ලබා දීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව ද ඒ අවස්ථාවේදී ම අනාවරණය කර ගත යුතු ය. මෙවැනි සහසම්බන්ධතා නිසා පහසුවෙන් භාණ්ඩාගාරය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙහි දී ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ භූමිකාව ද වැදගත් බව සිහිපත් කළ යුතු ය. හිත ඇත්නම් පත කුඩා ද යන පැරැණි කියමනට අනුව යමින් අපට මේ රට වැටී ඇති තැනින් රට ගොඩගැනීමට අප සියලු දෙනා උත්සහ කරමු. එය කළ හැකි ය යන්න මාගේ විශ්වාසයයි. ඒ හරහා ජනාධිපතිතුමාගේ සංකල්පය වන රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය සඳහා රටේ සියලු කොටස් ඇතුළත් කර ගත යුතු ය.”

භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම්වරු වන ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, ඒ.කේ. සෙනෙවිරත්න යන මහත්වරු සහ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ. මීට අමතරව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Post Views: 21
Previous Post

ජනපති මාධ්‍ය අංශයේ සුදත්ට ඉවත්වන්නැයි දැනුම් දීමක්

Next Post

අපි කරපු දේවල්වල නිවැරදි විනිශ්චය අනාගතයේදී දකිවි.. නින්දා ප්‍රශංසා කල සියල්ලට ස්තුතියි.. අගමැති රනිල්

editor

editor

Next Post

අපි කරපු දේවල්වල නිවැරදි විනිශ්චය අනාගතයේදී දකිවි.. නින්දා ප්‍රශංසා කල සියල්ලට ස්තුතියි.. අගමැති රනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved