27 April 2024
#දේශීය

ජනපති මාධ්‍ය අංශයේ සුදත්ට ඉවත්වන්නැයි දැනුම් දීමක්

ජනාධිපති මාධ්‍ය අංශයේ වසර ගණනාවක් ඡායාරූප අංශයේ කටයුතු කල සුදත් සිල්වා හට එම ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ ජනාධිපතිවරණ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහාය දක්වමින් කටයුතු කිරීම මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දීමට හේතුව බවයි.

ජනාධිපතිවරණ මැතිවරණ මොහොතේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ ස්වාධිනව සිටින බවයි. ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩලය සිය දේශපාලන තීන්දු තීරණ සඳහා පුර්ණ නිදහස් ලබා දී තිබුණි. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ කොටස් තුනක කටයුතු කළේය. ඒ ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ ස්වාධිනව සිටිමයි.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස දීර්ඝ සේවාවක් ඉටුකර ඇති ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ හා නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වාය.

පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහාය පල කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් දැනුවත් වු වත්මන් ජනාධිපතිවරයා කියා සිට ඇත්තේ වහාම ධුරයෙන් ඉවත්වන ලෙසයි. එසේම මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ 300 ක ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් 80 දක්වා අඩු කිරීමට ද කටයුතු කල යුතු බව දැනුම් දී ඇත. එමෙන්ම පසුගිය රජය යටතේ ජනාධිපති මාධ්‍ය අංශයට බඳවා ගනු ලැබු සියළුම නිලධාරින් මේ වන විට රජයේ ස්ථීර පත්වීම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ අප වෙත තොරතුරු සපයන්නා කියා සිටියේය.

එසේම ජනාධිපති මාධ්‍ය අංශයට නවක දක්ෂ නිලධාරින් බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *