• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරාක්‍රමබාහු රජතුමාගේ කලෙත් බදු අයකලා – අගමැති කියයි

8 April 2019
in දේශීය

වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත් බදු පැනවූ බව සිහිපත් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) අනුරාධපුරය, ජය ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අලූත් සහල් මංගල්‍යයට සහභාගී වෙමින්.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවයි. ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

වාරිමාර්ග හා කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් රජය විශාල මුදලක් වැය කළ නිසා මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් තිස් ලක්‍ෂයක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් කෘෂිකර්මාන්තයෙන් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි වන පරිදි දියුණු කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මෙවර සහල් අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්‍ෂ 30 ක් පමණ වනවා. කන්නයකට වැඩිම අස්වැන්නක් ලැබූ වසර මේ වසර බව පැවසිය යුතුයි. එම නිසා දෙවියන්ට පිං දෙනවා සේම වගාවට මහන්සි වූ ගොවියන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. එම ගොවීන් නොමැති නම් මෙවැනි අස්වැන්නක් ලබාගත නොහැකියි. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය, ගොවිජන සේවා ආයතන, පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යංශය ආදී සියලූ ආයතනවල නිලධාරීන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම පී. හැරිසන් ඇමැතිතුමාටත්, හිටපු කෘෂි කර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාටත්, මහින්ද අමරවීර ඇමැතිතුමාටත් ස්තුතිවන්ත විය යුතුයි. ඉදිරියේදී මේ ප්‍රදේශවල තවත් වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන බවත් මෙහිදී පැවසිය යුතුයි. මේ වනවිට දේශගුණය විටින් විට වෙනස් වෙනවා. එම නිසා වෙනස් වුණු දේශගුණයට අනුව ගෙවිතැන් කිරීමටත් කටයුතු කළ යුතුයි. පිලිපීනය වැනි රටවල් වල අඩු ජල භාවිතය හරහා ගොවිතැන් කරන ක්‍රම සොයා ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රම හරහා කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී වී ගොවිතැනේ නවීකරණයක් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර ඇති බව පැවසිය යුතුයි. පසුගිය වසර තුන හතර තුළ අප අවධානය යොමු කළේ නියඟයෙන් පීඩා විඳි ජනතාවට ආධාර ලබාදෙන ආකාරය පිළිබඳවයි. දැන් නියඟය තරමක් දුරට පහව ගොස් තිබෙන නිසා පුරුදු පරිදි ගොවිතැන් කටයුතුවල නියැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවට වැඩි ආදායමක් ලබාදීම සඳහා ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හරහා ඔබේ ගම්මානවලට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුදල් ද ලබාදෙනවා. සිංහල ශිෂ්ඨාචාරය යනු කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයයි. අපේ රටේ ගොවිතැනින් ජීවත් වන ජනතාව අපි අමතක කර නැහැ. නමුත් ඉදිරි පරම්පරාව ගොවිතැන තුළ රඳවා ගන්නා ක්‍රමයක් අප කල්පනා කළ යුතුයි.

ඔවුන් ගොවිතැන තුළ රඳවා ගැනීමට නම් නව කෘෂිකාර්මික ක්‍රමවේද තිබිය යුතුයි, ආර්ථිකය යහපත් විය යුතුයි. මේවා අපට තිබෙන ප්‍රධාන අභියෝග බව අප හඳුනා ගනිමින් ඒවාට විසඳුම් සොයා ගත යුතුයි. එසේ නොවුණොත් අපේ සහල් අස්වැන්න විශාල ලෙස අඩු වෙනවා. අවසාන වශයෙන් ජය ශ්‍රී මහා බෝධියට පිං දෙමින් අස්වැන්න සාර්ථක වී පැවැත්වූ අලූත් සහල් මංගල්‍ය නිසා ඔබ සියලූදෙනාටම සුභ අලූත් අවුරුද්දක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරඛිත සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් හා බැතිමත්හු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

Post Views: 17
Previous Post

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වනදා කොළඹදී

Next Post

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා – හිටපු ඇමැති දුමින්ද

editor

editor

Next Post

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා - හිටපු ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved