• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ – ජනපති

6 October 2018
in සංවර්ධන

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ මන්නාරම නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බවත් ය.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පරිසරය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.

යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අද ශ‍්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප‍්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් පවතින පරිසර ගැටලු විසඳාගැනීමට බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුදෙනා කි‍්‍රයාකාරීව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Post Views: 6
Previous Post

මම බය නෑ – ඇමැති රිෂාඩ් කියයි

Next Post

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න – ඇමති චම්පික කියයි

editor

editor

Next Post

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න - ඇමති චම්පික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved