• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසරය සුරැකීම සහ මත්ද්‍රව්‍ය අභියෝගය ගැන දරුවන් දැනුවත් කළ යුතුයි – ජනපති

19 October 2018
in දේශීය

විෂය මාලාවලට අදාළ දැනුම මෙන්ම පරිසරය සුරැකීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප‍්‍රතිවිපාක පිළිබඳ දැනුම සහ අවබෝධය පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට අද (19) පස්වරුවේ එක් වෙමින්.

අද ලෝකයේ සෑම රටක්ම පරිසර අභියෝගයට සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගයට මුහුණදී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අපේ රට ද මුහුණ දී ඇති මෙම ඛේදනීය තත්ත්වයෙන් සමාජය නිදහස් කර ගැනීමට පාසල් දරුවාගේ සිට ඉහළට සියලුදෙනා ඒකරාශීවීමේ වැදගත්කම පැහැදිලි කළේ ය.

එමෙන්ම නව ඩිප්ලෝමාධාරී ගුරුවරුන්ට ජනාධිපතිවරයා කියා සිටියේ දරුවන්ගේ දැනුම වර්ධනය සේම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද ගුරුවරුන්ගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.

දරුවන්ට එරෙහි සියලු අභියෝගවලින් ඔවුන් නිදහස් කර ගනිමින් ජාතියේ අනාගතය වෙනුවෙන් යහපත් දරු පරපුරක් ගොඩනැගීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

1998 වසරේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හවැලි අමාත්‍යවරයාව කටයුතු කරන අවදියේ එතුමාගේ මැදිහත්වීමෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කෙරිණි.

2000 වසරේ පෙබරවාරි 12 වන දින එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්ව වර්ණපාල, අධ්‍යාපන අමාත්‍ය රිචඞ් පතිරණ යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා තින් ඊට මුල්ගල් තැබුණු අතර, ජනාධිපතිවරයා කළ විශේෂ යෝජනාවකට අනුව ශ‍්‍රී ලංකාවේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන එකම කෘෂිකර්ම අධ්‍යාපන විද්‍යා පීඨය ලෙස මෙය කි‍්‍රයාත්මක ය.

විද්‍යා පීඨයේ වසර තුනක පාඨමාලා හැදැරූ සිසුන් 559 දෙනෙකු වෙනුවෙන් ඩිප්ලෝමා සහතික පත් ප‍්‍රදානය කිරීම අද දින සිදු කෙරිණි.

ජනාධිපතිවරයා අතින් සිසුන් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව සහතික පත් ප‍්‍රදානය කිරීම සිදු විය.

විද්‍යා පීඨයේ පවත්නා නේවාසික පහසුකම් හිඟයට පිළියම් ලෙස “පිබිදෙමු පොළොන්නරුව“ වැඩසටහන යටතේ රුපියල් මිලියන 165 ක වියදමින් ඉදිකෙරෙන ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා අද මුල් ගල් තැබුණේ ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙනි.

විද්‍යාපීඨයේ කෘෂිකර්ම අධ්‍යයන අංශයේ එළිමහන් ජල විසිරණ පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ද පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපතිනි ජී.පී. මාතරආච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

විසුරුවා හරින්න බලය තියෙන්නේ මටයි … හැබැයි මම එහෙම ක‍ළේ නෑ – ඇමැති කිරිඇල්ල

Next Post

ගෝඨා ඇමරිකන් පුරවැසියෙක්… එයාට ඡන්දේ ඉල්ලන්න බෑ – වෙල්ගම කියයි

editor

editor

Next Post

ගෝඨා ඇමරිකන් පුරවැසියෙක්... එයාට ඡන්දේ ඉල්ලන්න බෑ - වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved