• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පස්ස දොරෙන් තනතුරු අරන් නෑ – ඇමැති රාජිත කියයි

3 January 2019
in දේශීය

පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නෙත් නෑ කිසිම කඳවුරකට යන්නෙත් නැති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර නගර ශාලා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රටට සහ ජනතාවට විරුද්ධව කටයුතු කරන ඕනෑම නායකයෙකුට එරෙහි වන බවයි. රට වෙනුවෙන් පක්ෂවලට ගැති නොවුනද තම ප්‍රතිපත්ති අඛණ්ඩව ආරක්ෂා කළ බව හෙතෙම පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “යහපාලන රජය ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබද ප්‍රචාරයක් තිබුනේ නැහැ. නමුත් එම ජයග්‍රහණ පිළිබදව රට දැනුවත්වීමට අවස්ථාව හිමි වුනේ ජනාධිපතිවරයාගේ තීරණයත් සමගයි. වර්තමානයේ මාධ්‍යය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයම විවේචනය කරනවා. නමුත් මාධ්‍යයට කිසිදු හිරිහැරයක් නැහැ. මාධ්‍ය නිදහස අයිතිය අකුරටම ලබා දී තිබෙනවා. නමුත් මාධ්‍ය පෙන්වා දෙන්නේ රාජපක්ෂලා හොදයි කියලා. අපි දින 53 ක අනවරථ අරගලයක් සිදු කළා. මහරජාණෝ තවත් රජෙක් ඉදිරියේ දිවුරුම් දී යුව රජාවීමෙන් ලැඡ්ඡාවට පත් වුනා. නඩු වලින් බේරීම සදහා තමයි ඔහු යුවරජා වුනේ. සිරිසේන මහතාගේ කැබිනට් මණ්ඩලයටත් එකතු වුනා. මෙයයි ලැඡ්ඡා නැති දේශපාලනය. රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවට එරෙහිව මම වැඩ කරන්නේ නැහැ. ඊට ඉඩදෙන්නෙත් නැහැ. ඕනෑම නායකයෙකු ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන විට ඊට එරෙහිව මම වැඩ කරනවා. මම පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නේ නැහැ. ඉදිරිපසින් ගොස් තනතුරු බාර ගන්නේ. කිසිම කඳවුරකට යන්නෙත් නැහැ. මාර්තු 05 දා අපි අයවැය ලේඛණය ඉදිරිපත් කරනවා. ජනතාවට සහන රැසක් ලබාදෙනවා. “ගම්පෙරලිය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් ලබාදෙනවා. 2020 පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කරමින් 2025 දක්වා රජය ඉදිරියට ගෙන යනවා. අළුත් අවුරුදු සුබ පැතුම් එක් කිරිම සදහා කළුතර නගරයට කිසි දවසක මෙතරම් ජනතාවක් පැමිණ නැහැ. එමගින් අපට තේරෙනවා ජනතාව අප සමග සිටිනවා කියලා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

Next Post

ජපානයේ රැකියා අවස්ථා රැසක්

editor

editor

Next Post

ජපානයේ රැකියා අවස්ථා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved