• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට…!

25 December 2018
in දේශීය

විසි හයවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු අඩු කරන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊයේ (24) බස්හිමියන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව සියයට හතරකින් (4 %) එම බස් ගාස්තු අඩු කිරීම සිදු කරන බව එකඟතාවයට පැමිණ තිබේ.

බස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රීවිල් ගාස්තු අඩු කිරීමටද අද තීරණය කෙරිණ. සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අද අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේ ත්‍රීරෝද මගී ප්‍රවාහනයේදී මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් 10කින් අඩු කරන බවයි. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව සියයට 3කින් අඩු කරන බවද ප්‍රකාශ කළේය. මෙම ගාස්තු අඩු කිරීම්ද 26වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙනු ඇති.

මහජනතාවට උපරිම සහන ලබා දීම නව රජයේ අපේක්ෂාවයි. ඒ මත ප්‍ර‍වාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජනතාවට සහන ලබා දෙන සේවාවක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීම තම අරමුණ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේය. ඉන්ධන මිල සූත්‍ර‍ය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාවට සහනයක් ලබා දෙනවා සේම ඊට සමාන්තරව බස් ගාස්තු සංශෝධනයෙන්ද මහජනතාවට සහනයක් ලබා දීමට ඉදිරියටත් කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා‍ ඇතුළුව බස් සංගම් නියෝජිතයෝ රැසක් එක් වූහ. හඩපටය මේ සමඟ අමුණා ඇත.

 

Post Views: 22
Previous Post

30 ට වැඩි වුණොත් යනවා උසාවි …. මන්ත්‍රී රෝහිත

Next Post

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved