• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රහාරය ගැන ජනපති දැනුවත් වී නෑ – ජනපති මාධ්‍ය අංශය

30 May 2019
in දේශීය

අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අප්‍රේල් 21 වන දා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙන බවයි.

එකී මාධ්‍ය වාර්තා මඟින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි.

ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මඟින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කෙරිණි. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වී තිබූ අතර, ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා විසින් සතියකට වරක් ද එම රැස්වීම කැඳවීමට කටයුතු කළේය.

එමෙන් ම 2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේ දී හෝ මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිවරයා දැනුවත් කර නොමැත.

එමෙන් ම අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.

එබැවින් මෙම සිදුවීම පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබූ බවට පළ වන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපතිවරයා දන්වා සිටී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Post Views: 13
Previous Post

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

Next Post

බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් – මුදල් ඇමති

editor

editor

Next Post

බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් - මුදල් ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved