• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවෙන් ආයාචනයක්

19 May 2019
in දේශීය

ජනාධිපති‍, අග්‍රාමාත්‍ය සහ ගරු විපක්ෂ නායකවරයා එක්ව රට යථාතත්වය පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවලදී එක්සත්ව මුහුණදීමට සුදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතික වන ලෙස කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි.

කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙවර වෙසක් උත්සවයේදී ඉස්මතු වන විශේෂිතම තත්වය නම් කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාව අමිහිරි මතකයන් යටපත් කර වෙසක් සැමරුමට දායක වූ අන්දමයි.එය අප නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන සාමය සෞභාග්‍ය පිරි දේශයක සිහිනය සැබෑවන බවට පෙර නිමිත්තක් බවයි. එමෙන්ම සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බවත් අප මාතෘභූමියට සහ එහි අනාගතය භාරගන්නා දූදරුවන්ට ආදරය කරන කිසිදු බුද්ධිමත් පුරවැසියෙකුට කවරාකාර හෝ අන්තවාදී දේශද්‍රෝහි බලවේගයකට සවන්දිය හැකිදැයි සිතා බලන ලෙස ඉල්ලා සිටින බව කථානායකවරයා සිය නිවේදනයෙන් දන්වා තිබේ.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.
2019.05.19

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන අති බහුතර ගරු මන්ත්‍රීරුන් වෙනුවෙන් පහත සඳහන් අයාචනය ජාත්‍යාලයෙන් යුතුව ඉදිරිපත්කරමු.

ගෙවීගිය ඉතිහාසයේ අප අත්දුටු අඳුරුතම දිනයක් වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසලොස්වක පොහොය දිනය උදාවන තුරුම රට පුරා පැතිරිගිය භීතිය පතුරුවන සුුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් ඒ පසුබිමෙහි ඇතැම් කඩාකප්පල්කාරී බලවේග ක්‍රියාත්මක වී ඇති බවත් බුද්ධිමත් ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබේ.

එමෙන්ම රට තුළ ජාතිවාදී ගිනිදැල් පතුරුවමින් සහ අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරමින් ඔවුන්ගේ දේපල වනසමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද ඉහත කී කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේම තවත් දිගුවක් බව පැහැදිලිය.

මේ තුළින් සිදු වූ දේපල විනාශයටත් වඩා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ක්‍රියාකළ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයට විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් සිදුවු හානිය බරපතලය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පසුබිමෙහි ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ව්‍යාපාරය සියයට අනුපහක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් ඒම බුද්ධි අංශ විසිනුත් හතවුරු කර ඇත.

කෙසේ වුවද බියගන්වන සුළු අසත්‍ය ප්‍රකාශ නොතකා මෙවර වෙසක් උත්සවය කිසිදු බාධාවකින් තොරව සුපුරුදු පරිදි විශාල ජනතා උනන්දුවකින් යුත්ව සැමරීම පිළිබඳ අප සතුටු වෙමු. එම තත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමින් සුපුරුදු දෛනික කටයුතු සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

මෙවර වෙසක් උත්සවයේදී ඉස්මතු වන විශේෂිතම තත්වය නම් කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාව අමිහිරි මතකයන් යටපත් කර වෙසක් සැමරුමට දායක වූ අන්දමයි.එය අප නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන සාමය සෞභාග්‍ය පිරි දේශයක සිහිනය සැබෑවන බවට පෙර නිමිත්තකි.

මෙම සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබමු. අප මාතෘභූමියට සහ එහි අනාගතය භාරගන්නා දූදරුවන්ට ආදරය කරන කිසිදු බුද්ධිමත් පුරවැසියෙකුට කවරාකාර හෝ අන්තවාදී දේශද්‍රෝහි බලවේගයකට සවන්දිය හැකිදැයි සිතා බලන ලෙස ඉල්ලා සිටිමු.

එවන් බලවේගයන්ට මතවාදීමය වශයෙන් හෝ උත්තේජනයක් ලබාදීම ඔබගේ දෛනික ජීවිතය අවුල් කරනු ඇත. රටේ ආර්ථිකය මෙන්ම එයට මුලික පදනමක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහ විදෙස් ආයෝජන අහිමි කරනු ඇත.

නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට අප මාතෘභූමිය ඇද දමනු ඇත. අද වන විට ඇති වු ගැටළු ස්ථිරසාර ලෙස නිරාකරනය කර ගැනීමට වැදගත් පියවර රැසක් පාර්ලිමේන්තුවෙන් ගනිමින් පවතී. මුස්ලිමි ආගමික කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, නිතීය හා සාමය ආදී අමාත්‍යංශ සහ ඊට අදාළ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා විසින් අවශ්‍ය නිතිරීති සම්පාදනය කරමින් සිටි.

එ් සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහය අඛණ්ඩව ලැබෙනු ඇති බවට සහතික වෙමු. විශේෂයෙන්ම මෙම නිති සම්පාදන ක්‍රියාදාමයන්හිදී ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් සහ ජන නායකයන්ගෙන් ලැබෙමින් තිබෙන එකඟත්වය තුළින් විද්‍යමාන වන්නේ කිසිදු විටෙක මූලධර්වාදයට අප දේශය තුළ ඉඩ නොමැති බවයි.

ඉහත කී සියළු තත්වයන් සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ගරු විපක්ෂ නායකතුමන් එක්ව රට යථාතත්වය පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවලදී එක්සත්ව මුහුණදීමට සුදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතික වන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුවේ සියළුම ආංශික අධීක්ෂණ කාරක සභා වෙනුවෙන්,

කරූ ජයසූරිය

කථානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
Attachments area

Post Views: 14
Previous Post

රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

Next Post

ජනපති නිල කාලය දිගු කිරීමට විරෝධය

editor

editor

Next Post

ජනපති නිල කාලය දිගු කිරීමට විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved