• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේදී දේශපාලන ගේම් එපා මන්ත්‍රී මනුෂ කියයි

23 May 2019
in දේශීය

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රිෂාඩ් මහතා වැරැද්දක් කර ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට විපක්ෂය අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තුව දේශපාලන ගේම්වලට යොදා ගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ” රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නම්, අඩුම තරමේ වාහනයක් දීලා, කාමරයක් දීලා, දුරකතන ඇමතුමක් දීලා තියෙනවා නම් අපිත් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව කටයුතු කරනවා. ඔහු වැරදි කරලා තියෙනවා නම් දඩුවම් ලබාදීමට විපක්ෂයක් අවශ්‍ය නෑ. අපි වැරදි කරලා තියෙනවා නම් අවශ්‍ය පියවර අපි ගන්නවා. මේ සම්බන්ධයෙන් වැරදි කරලා තියෙනවාද කියන එක ගැන තීරණය කරන්න තියෙන තැන පාර්ලිමේන්තුව නෙමෙයි. මේ පිළිබද පොලීසිය, හමුදාව හරහා මේ පිළිබද නිවරදි පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් ඔහු ගෙදර යවන්න නෙමෙයි හිරේ යවන්නත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවානම් හිරේ යවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලන ගේම් වලට තැනක් කරගන්න එපා. මැරුණ මිනිස්සු තමන්ගේ දේශපාලන ගේම් එකක් කරගන්න එපා. දැන් ඉදිරිපත් වෙලා තිබෙන විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා. මේ මැරුණු අහිංසක ජීවිත උඩින් ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. යැයි මන්ත්‍රී මනුෂ වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

Next Post

ගෝඨාභයගේ නඩුව ජුනි 19 දින ආරම්භ වෙයි

editor

editor

Next Post

ගෝඨාභයගේ නඩුව ජුනි 19 දින ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved