• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැරුණොත් වගකීම කථානායක බාරගත යුතුයි – ඇමැති මහින්ද

18 November 2018
in දේශීය

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්නට වුනත් පුළුවන් කථානායකවරයා තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ , එහෙම වුනොත් එවැනි ක්‍රියාවල වගකීම අනිවාර්යයෙන්ම කථානායකවරයා බාරගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) අගුනකොළපැලැස්ස ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන බල මණ්ඩල අමාත්‍යවරයාගේ නිවසට රැස්වී ඉදිරි මහමැතිවරණයක දී ජයග්‍රහණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. මෙම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෝ 2000ක් පමණ රැස්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “ කැබිනට් මණ්ඩලය හෝ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම හෝ ආණ්ඩුවක් විසුරුවා හැරීමට හෝ බලතල කථානායකවරයාට නැහැ. එම බලතල තියෙන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පමණයි. කථානායකවරයා කියන්නේ නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක්. ඔහුට ජනාධිපතිවරයෙක් කියන හෝ කරන දෙය විනිශ්චය කළ නොහැකියි. කථානායකවරයා කුමන පක්ෂයකින් පත්වුනත් ඔහු එම තනතුරට පත්වුවාට පසු මධ්‍යස්ථව කටයුතු කළ යුතුයි.

නමුත් අද සිදුවන්නේ කුමක්ද? කථානායකවරයා තමන්ගේ බලතලවලට එහා ගොස් කටයුතු කරන ආකාරයක් පෙනෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ව්‍යවස්ථානුකූලව තමන්ට ලැබී තිබෙන බලතල අනුව තම අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇති මන්ත්‍රීවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති තනතුරට පත් කළා. ඒක වැරදි නම් එත්සත් ජාතික පක්ෂයට තිබුනා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථ නිරූපණයක් ගන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. ඒ වෙනුවට කළේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් කෑකෝ ගසමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරීම.ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.

අනික ඉතිහාසයේ පළමු වතාවට කථානායකවරයෙක් පාර්ලිමේන්තුවට පසුගියදා ආවේ පොලිස් භට පිරිසක් එක්ක. ඒ නිසා තමයි සමහරු මන්ත්‍රීවරු ඊට විරෝධය පෑවේ. මං හිතන්නෑ කථානායකවරයා පෙරපරිදිම ආවා නම් ඔය කිසි කෙනෙක් එතුමාට පහර දෙයි කියළා. ස්ථාවර නියෝග අනුව කථානායකවරයෙකුට බලතල රැසක් පාර්ලිමේන්තුව තුළ ගත හැකිව තිබෙනවා. මම නම් එදා කථානායකවරයා මගේ ඇහැට දැක්කේ නැහැ. නමුත් ඇමතුම් උපකරණයකින් කථාකරනවා ඇහෙනවා. ඔහු කොහේද ඉන්නේ කියා පෙනෙන්නේ නැහැ. මං හිතුවේ එතුමා කාර්යාලයේ ඉඳගෙන පාර්ලිමේන්තුව අමතනවා කියළයි.

එහෙම කරලා විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා කිව්වා. විශ්වාසභංගයක් ගෙනෙනවා නම් ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු තරමින් කියවන්නවත් ඉදිරිපත් කළ යුතුයි. එහෙම දෙයක් නැහැ. එක්කෙනෙක් යෝජනා කළා. තව කෙනෙක් සම්මත කළා. විධිමත් ක්‍රමයකට ඡන්දයක් නැහැ. මම අදත් හඩ අනුව තීන්දුව දෙනවා කිව්වා. බහුතරයෙන් සම්මතයි කිව්වා . ආපහු ගියා. මේකද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. මේකද ස්ථාවර නියෝග. මේ විදියට කථානායකවරයා කටයුතු කළ නිසා තමයි එවැනි සිද්ධියක් සිදුවුනේ.

මේ යන විදියට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළ මරණයක් සිදුවෙන්නත් පුළුවන්. එහෙම වුනොත් එහි වගකීම කථානායකවරයා විසින් බාර ගත යුතුයි. ඒ නිසා අපි කියන්නේ දැන්වත් නීතියට අනුව කටයුතු කරන්න කියළයි.
විශ්වාසභංගයක් නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්නේ කොහොමද කියළා ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. ඒ විදියට කටයුතු කරන්න. එතකොට ජනාධිපතිතුමා එහි ප්‍රතිපල අනුව අවශ්‍ය පියවර ගනීවි. එහෙ නැතිව තමන්ට ඕනැ ඕනැ විදිහට මේ සම්බන්ධව අර්ථ කථනය කළහොත් සිදුවන්නේ මහා විනාශයක්. ඒ විනාශයේ පළමු වග උත්තරකාරයා වන්නේ කථානායකතුමා බවත් මම ප්‍රකාශ කරනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 25
Previous Post

බහුතරය ගැන මෛත්‍රිට ෂුවර්ලු..!

Next Post

ජනපති කැඳ වු සාර්ව පාක්ෂික සමුළුවට කථානායක , ජවිපෙ සහභාගී නොවන බව දන්වයි

editor

editor

Next Post

ජනපති කැඳ වු සාර්ව පාක්ෂික සමුළුවට කථානායක , ජවිපෙ සහභාගී නොවන බව දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved