• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති කැඳ වු සාර්ව පාක්ෂික සමුළුවට කථානායක , ජවිපෙ සහභාගී නොවන බව දන්වයි

18 November 2018
in දේශීය

මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් අද (18) පස්වරු 5 කැඳවා තිබේ. කෙසේ වෙතත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණත්, කථානායක කරු ජයසූරිය මහතාත් එයට එක්නොවන බව දන්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ මේ වන විට රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් මැදිහත් විය අවස්ථාවලට මැදිහත් වු බවත් මින් පසුව ජනාධිපතිවරයා විසින් අදාළ තීන්දු තීරණය ගත යුතු බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ජනතා විමුක්ති පෙරමුණ විසින් යොමු කළ ලිපිය පහත පරිදි වේ.

 

ජනාධිපති
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති කාර්යාලය
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡුාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි

ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17 දාතම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.

ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද ක‍්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප‍්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.

01. පසුගිය ඔක්තෝබර් 26වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.

02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.

03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.

04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

මේ පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ඔබගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. ආරම්භක දිනය වූ 2018 නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.

කෙසේ වුවද බහුතර මන්ත‍්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135) ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හඩ අනුව තීරණයක් ලබාදීමේ 48(1)වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡුන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි

ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත‍්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16 දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත‍්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡුන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.

කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග‍්‍රාමාත්‍ය ධුරය අත්හැරීමත් ප‍්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක‍්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.

මේ අනුව රට අද වන විට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප, අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මකවීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ස්තූතියි,

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2018.11.18

Post Views: 7
Previous Post

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැරුණොත් වගකීම කථානායක බාරගත යුතුයි – ඇමැති මහින්ද

Next Post

ජනපති ඉදිරියේ රනිල් ගොළු වෙයි …!

editor

editor

Next Post

ජනපති ඉදිරියේ රනිල් ගොළු වෙයි ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved