• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව ගත් තීරණයක් කඩන්න කාටවත් බෑ – ඇමැති කිරිඇල්ල කියයි

31 May 2019
in දේශීය

සමෘද්ධි සහනාධාරය හරහා ජනතාව උසස් ජීවන මට්ටමක් ලඟාකරගැනිම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ දිවයින පුරා විසිරී සිටින ප‍්‍රතිලාභින් හයලක්ෂයකට සමෘද්ධි සහනාධාර හිමිකම් ලබාදීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත‍්‍රික්කයේ සමෘද්ධිලාභීන් හට හිමිකම් පානය කිරීමේ උත්සවය සදහා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අද රටේ කාලීන සිදුවීම් දෙස බලන විට පසුගිය අප්‍රේල් 21 දින රටතුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත්කිරිමට මා කළ යෝජනාවට අනුව දැන් එය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අවාසනාවන්ත සිද්ධිය පිළිබදව රටේ සියළුදෙනා දැනගත යුතු බව මා අවධාරණය කළා. ඒ අනුව කාරකසභා කටයුතු සජීවීව විකාශය කිරිමට කතානායකවරයාත් තීරණය කළා. නමුත් එදා සජීවී විකාශය අතරතුරදි එක් අයෙක් මෙහි ප්ලග් එක ඇදීමෙන් ජනතාවට ඇත්ත හෙළිදරව් වීම කඩාකප්පල් කළා. ඒ සිදුවීම පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද කඩවීමක්. පාර්ලිමේන්තුව ගත් තීරණයක් කඩකරන්න අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිවෙකුට බැහැ. මොනවද මේ හංගන්න හදන්නේ. අප්‍රේල් මස21 දින සිදුවූයේ කුමක්ද වැරදුනේ කොතනද යන්න දැනගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. නමුත් පසුගිය පහරදිම් සිදුවුණ බේරුවල, දිගන, නැගෙනහිර ප‍්‍රදේශ, කොච්චිකඬේ, මීගමුව, කුරුණෑගල ආදි සියළුම ප‍්‍රදේශ එක්සත් ජාතික බලකොටු ලෙස සැලකෙන ප‍්‍රදේශයි. මේ පහරදීම් වල පිටුපස තිබෙන්නේ මතුපිටට පෙනෙන දේ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ බලකොටු වලට පහරදීලා වාසි ගන්න උත්සාහ කලේ කවුරුන්ද යන්න අපි කල්පනා කළයුතුයි” යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් පැවසිය.

Post Views: 2
Previous Post

මෛත්‍රි – මෝදි අතර සාකච්ඡාවක්

Next Post

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වනදා – ජනපති

editor

editor

Next Post

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වනදා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved