• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිකව අත්හිටුවයි

13 November 2018
in දේශීය

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. දෙසැම්බර් 07 වනදා තෙක් මෙම අත්හිටුවීම සිදු කර ඇති අතර එදිනෙන් පසුව සියළු පෙත්සම් විභාග කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබේ. 

පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි. ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 13 හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම්වලට එරෙහිව මැදිහත්කාර පාර්ශව 03 කින් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව අද සවස 5.00ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමෙන් අනතුරුවයි.

අදාළ පෙත්සම් අද(13) නිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය. මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය.

Post Views: 16
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5 ට (Update)

Next Post

පාර්ලිමේන්තුවට හෙට එන ලෙස සියළු මන්ත්‍රීවරුන්ට දන්වයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුවට හෙට එන ලෙස සියළු මන්ත්‍රීවරුන්ට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved