• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිස්සන් කොටුවට හෙණ ගහලා – රාජිත කියයි

7 November 2018
in දේශීය

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා “රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායකවරයා විසින් මේ වන විට පිළිගෙන තිබෙනවා. අපගේ ජන අරගලය දිනෙන් දින ජය ගන්නවා. අපේ පැත්තේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහය අසාර්ථක වෙලා. එම අට්ටාලය හදාගත් නායකයින් සුළු දේශපාලන පක්ෂවල නායකයින්ටත් කථා කරනවා. එක එක මන්ත්‍රීවරු බිලි බා ගැනීම අමාරු වෙලා. ඔවුන් බංකොලොත් වෙලා. ජනාධිපතිවරයා එම ධූරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය යන රටවල් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ණය සහ ආධාර නතර කර තිබෙනවා. නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා කිසිදු රටක් පිළිගෙන නැහැ. ප්‍රතිවාදීන් පිස්සන් කොටුවට හෙණ ගහලා වගේ කැළඹිලා ඉන්නේ. මානසික ආතතියට පත් වෙලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ සටන අපි ඉදිරියටත් ගෙන යනවා. මෙම ව්‍යවස්ථා විකෘතිය අදට පමණක් නොව ඉදිරි අනාගතයටත් බලපානවා. මුළු ඉතිහාසයටම සාප වෙනවා. ඊට එරෙහිවයි අපි කටයුතු කරන්නේ. යහපාලන රජය මාධ්‍ය නිදහස ලබාදුන්නා. නමුත් වර්තමානයේ පැරණි මාධ්‍ය සංස්කෘතිය බිහි වී තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ප්‍රධානීන්ට බලපෑම් එල්ල කරනවා.”යැයි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 22
Previous Post

ලොකුගේට ලොකු පුටුවක්.. විමල් එපා කියයි … !

Next Post

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ …. !- පියසේන කියයි

editor

editor

Next Post

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ .... !- පියසේන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved