27 April 2024
#දේශීය

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ …. !- පියසේන කියයි

දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ”ඩීල්” වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) පෙරවරුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසේන ගමගේ මහතා පවසා සිටියේ ” තව ද පසුගිය ආණ්ඩුව ගෙන ගිය අධූරදර්ශී පාලනයට තිත තබමින් ජනාධිපතිවරයා ගත් මෙම එඩිතර තීන්දුවේ දී ද කිසිදු පැකිලීමකින් තොරව තමා ජනාධිපතිතුමා සමඟ සිටගන්නා බව ඒ මහතා අවදාරණය කරයි.

මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, චන්දිම වීරක්කොඩි, වීරකුමාර දිසානායක යන මහත්වරු ඇතුළු නව රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ද සහභාගී වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *