27 April 2024
#දේශීය

පිස්සන් කොටුවට හෙණ ගහලා – රාජිත කියයි

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා “රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායකවරයා විසින් මේ වන විට පිළිගෙන තිබෙනවා. අපගේ ජන අරගලය දිනෙන් දින ජය ගන්නවා. අපේ පැත්තේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහය අසාර්ථක වෙලා. එම අට්ටාලය හදාගත් නායකයින් සුළු දේශපාලන පක්ෂවල නායකයින්ටත් කථා කරනවා. එක එක මන්ත්‍රීවරු බිලි බා ගැනීම අමාරු වෙලා. ඔවුන් බංකොලොත් වෙලා. ජනාධිපතිවරයා එම ධූරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය යන රටවල් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ණය සහ ආධාර නතර කර තිබෙනවා. නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා කිසිදු රටක් පිළිගෙන නැහැ. ප්‍රතිවාදීන් පිස්සන් කොටුවට හෙණ ගහලා වගේ කැළඹිලා ඉන්නේ. මානසික ආතතියට පත් වෙලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ සටන අපි ඉදිරියටත් ගෙන යනවා. මෙම ව්‍යවස්ථා විකෘතිය අදට පමණක් නොව ඉදිරි අනාගතයටත් බලපානවා. මුළු ඉතිහාසයටම සාප වෙනවා. ඊට එරෙහිවයි අපි කටයුතු කරන්නේ. යහපාලන රජය මාධ්‍ය නිදහස ලබාදුන්නා. නමුත් වර්තමානයේ පැරණි මාධ්‍ය සංස්කෘතිය බිහි වී තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ප්‍රධානීන්ට බලපෑම් එල්ල කරනවා.”යැයි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *