27 April 2024
#දේශීය

ලොකුගේට ලොකු පුටුවක්.. විමල් එපා කියයි … !

පසුගිය 26 වනදා පත් වු නව ආණ්ඩුව සඳහා මේ වන විට ඇමැතිවරුන් කැබිනට් අමාත්‍ය ධුර 15 ක් ලබා දී තිබේ. අද (06) පස්වරුවේදී කැබිනට් අමාත්‍ය ධුර 15 සඳහා නව අමාත්‍ය වරුන් පත් කිරීම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාර්තාවේ.

අද දිනයේදී කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත ගාමිණි ලොකුගේ හට ප්‍රබල අමාත්‍යංශයක් ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ. එය බොහෝ විට ජනතාවගේ ජිවන මට්ටම ඉහල පහල යාමට මුළිකව බලපානු ලබන අමාත්‍යංශයක් බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරනු ලබන විමල් විරවංශ කිසිදු අමාත්‍යංශයක් ලබා ගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ කිසිදු කෙනෙකු ද මේ අවස්ථාවේ තනතුරු ලබා ගැනීමේ සුදානමක් නොමැති බව ද වාර්තා වේ.

විමල් විරවංශ මේ අවස්ථාවේදී තමාට කිසිදු තනතුරක් අවශ්‍ය නොමැති බවත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් පසුව තනතුරු ලබා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව ඔහු පවසා ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *