• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් – අගමැති

7 July 2023
in දේශීය

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි‍.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඒ් සම්බන්ධයෙන් කල විමසීමකදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” ගරු කතානායකතුමනි, පොලිස්පතිතුමාගේ විශ්‍රාමයාම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාර වී පොලිස්පතිධූරය පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාල බලධාරීන් වෙත කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරනු ලබයි. ඒ අනුව ඉතාම ඉක්මනින් ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්වයක් නෑ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන DIG ලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත්කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාමත් ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදු වීම සිදුවෙයි. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා සඳහන් කළ කාරණාවට මම පිළිතුරක් දීම අවශ්‍යයි. මොකද ව්‍යවස්ථාදායක සභාවේ මූලාසනය දරන්නේ කතානායකතුමනි,ඔබතුමා. එහි මමත් සාමාජිකයෙක්, අනිවාර්යෙන් නීතිය යටතේ විපක්ෂ නායකතුමා ඉන්නවා. ඒ නිසා එහි සාමාන්‍යයෙන් සාකච්ඡා වෙන දේවල් අපි ප්‍රසිද්ධියේ සාකච්ඡාවට භාජන කිරීමෙන් වැළකී සිටිනවා. ඒ බව ඉතාම වගකීමෙන් අපි සියලු සාමාජිකයන් කටයුතු කර තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, හදිසි තත්වයක් යටතේ එහි මූලාසනය දරන කැඳවන ඔබතුමාට ඕනෑම අවස්ථාවක දී ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න පුළුවන්. අපි යොදාගෙන තියෙන්නේ සරල රැස්වීම් වාර පිළිබඳ එකඟතාවයක් නිසා හදිසියේ අවශ්‍යතාවයකට මූලාසනයට ව්‍යවස්ථාදායක සභාව කල්දී කැඳවන්න පුළුවන්. එහෙම කලිනුත් සිදුවෙලා තියෙනවා. මීට පෙර වතාවල් රාශියක ඒ පිළිබඳ කාලසටහන බලන ඕනෑම කෙනෙක්ට වාර්තාවලින් ඒක දැනගත හැකියි. ඒ නිසා විපක්ෂ නායකතුමා කිව්ව කාරණයට මම සඳහන් කරන්න ඔන ගරු කතානායකතුමාට. ඒ වගේම මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. මම මීට ඉස්සර ගරු කථානායකතුමාට කිව්වා, සභාවේ කිව්වා. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට තිබුණු කලබලය කොපමණද කියලා ඔබතුමා අපි දන්නවා. මේ සභාව දන්නවා. නමුත් අද වනතුරු සමහර කොමිසන් සභා පත් කිරීම සිදු කිරීම සම්පූර්ණ වෙලා නෑ. ඒකත් අති බරපතල ප්‍රශ්නයක් හැටියට අපි කාගේත් වගකීම බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නිසා මේ කාරණයේදීත් අප කටයුතු කළ යුතුයි. මම කලින් කිව්වා වගේ පොලිස්පතිතුමාට දීලා තිබෙන්නේ දිගු කිරීමක්. ඒ කාලේ තමයි දැන් හමාර වී තිබෙන්නේ. ඒ දිගු කරලා දුන්නු කාලසීමාවෙන් පස්සේ, ජනාධිපතිතුමත් ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරයි.

මේ වගේම අතිරේකව මත්ද්‍රව්‍ය ගැන ප්‍රකාශ කළා. අපේ රජය අඛණ්ඩ වැඩපිළිවෙළක් මේ පිළිබඳ දියත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ සුවිශේෂ ආරක්ෂක කමිටු රැස්වීම් ගණනාවක් පවත්වලා තියෙනවා. මම වගකීමෙන් කියනවා. ඒ වගේම ජාත්‍යන්තර මුහුදේ ජාත්‍යන්තර මුහුදේ තිබෙන තත්වය මම හිතන්නේ දැනගන්නට කැමති නම්, විශේෂ අදාල ආරක්ෂක රැස්වීමකට සහභාගි වුණාම ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ඒක අප පමණක් නොව, ඉන්දියාවේ ද සහයෝගය හා ලබා ගනිමින් මේ ඇතිවී තිබෙන ප්‍රවණතාව මෙල්ල කරන්නට උත්සාහයක යෙදිලා තිබෙනවා. ඒ අපට පමණක් නෙවෙයි.ඉන්දියාව පවා මේ බරපතළ තත්ත්වයෙන් අපේ මුහුදු කරයේ අවට මේ ප්‍රවාහනය වන ආකාරයන් සම්බන්ධව දැනට තොරතුරු අපත් සමඟ හුවමාරු කර ගනිමින් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා හැකි දුරට ආරක්ෂක අංශ මේ පිළිබඳ වඩාත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නවීන යාන්ත්‍රික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියට අපට බහින්න සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි ලෝකෙ අද දෙවැනි ලොකුම ජාවාරම, මත් ද්‍රව්‍ය. එය මෙල්ල කිරීම සඳහා අවශ්‍ය තදබල ක්‍රියාමාර්ගවලට අපේ ආරක්ෂක අංශ යොමුකර තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට එය ගළනවාද කියන කාරණයට නගරයෙන් නගරය ඇමතිතුමා කිව්ව විදියට නගරයෙන් නගරයට, සමහර කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරිලා තිබෙන නගරවල මේ භාවිතා කිරීම ගැන මීට අවශ්‍ය පියවරවල් තදබල ලෙස ගැනීමට අපේ නීතිරීතිද තදබල ලෙස වෙනස් කළ යුතුයි කියලා දැනට අපි සාකච්ඡා කරලා තිබෙනවා.”

“ගරු කතානායකතුමනි, මම විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාව ගැන සඳහන් කරපු නිසා යළිත් කියන්නට ඕනේ. ව්‍යවස්ථාදායක සභාව මීළඟට රැස්වෙන දිනය එකඟතාවයකට පැමිණි බව සැබෑයි. නමුත් ව්‍යවස්ථාදායක සභාවට කැඳවන්නට ගරු කතානායකතුමාට හදිසි තත්වයක් යටතේ ඕනෑම අවස්ථාවක පුළුවන්. අපි වළුවස්ථාදායක සභාව මගින් තවම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අසම්පූර්ණ කොමිෂන් සභාවල් ඇති වී තිබෙන තත්වයක් ඇති වී තිබෙනවා. මේවා ගැන විවේචනය කරන්නේ ප්‍රසිද්ධ ජනතාව. පොදුවේ ජනමාධ්‍ය. විවේචකයෝ, මේවා ඇති කරන්න උත්සාහ දරපු බලවේග අහනවා අපෙන්, ඇයි මේවා පත් කරලා ඉවර කරන්නේ නැත්තේ කියලා.

ඉතින් මැතිවරණය පැවත්වෙන නිසා, මම විපක්ෂ නායකතුමාට කියන්න ඕන, මැතිවරණය පැවැත්වෙන නිසා, මැතිවරණ කොමසාරිස්, කොමිසමේ සභාපති තුමාව දැන් පත් කරලා තිබෙනවා. භාරගෙන තිබෙනවා, මානව අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් හැටියට. මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමා. ඉතිං ඒ අවස්ථාවත් ව්‍යවස්ථාදායක සභාව විසින් ලබාදීලා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කටයුතු තවමත් නීතිය අනුව නාමයෝජනා අවලංගු කරලා නැහැ. නාමයෝජනා තියෙද්දී තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මේ අවස්ථාවට භාරගෙන පිවිසියේ. ඒ නිසා පැහැදිලි කරගමු. මේ ව්‍යවස්ථාදායකය කවුන්සිලය රැස් කිරීමේ බලය ගරු කතානායකතුමාට හදිසි තත්වයන් යටතේ පවතිනවා. ඒ අනුව කාල සීමාව තුල ඉතා ඉක්මනින් ඔබතුමා අවශ්‍යතාවය ඇති වුණු විගස රැස් කරයි කියලා මා අග්‍රාමාත්‍යතුමා හැටියට බලාපොරොත්තු වෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 24
Previous Post

ආණ්ඩුව පෞද්ගලික සමාගමක බිලියන 5ක කොටස් ගන්න හදනවා – විපක්ෂනායකගෙන් අනාවරණයක්

Next Post

වී වගා කළ ගොවි ජනතාව මේ වසරේ දී ඩොලර් මිලියන 300ක මුදලක් රටට ඉතිරි කර දුන්නා- ඇමැති මහින්ද

editor

editor

Next Post

වී වගා කළ ගොවි ජනතාව මේ වසරේ දී ඩොලර් මිලියන 300ක මුදලක් රටට ඉතිරි කර දුන්නා- ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved