• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බහුතර පෙන්වන්න .. ව්‍යවස්ථානුකුලව වැඩ කරන්නම් – ජනපති

15 November 2018
in දේශීය

පාර්ලිමේන්තුවේ බහුතර ඇති පක්ෂ නාක කණ්ඩායම පිළිගන්නා බවත් තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාව පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ ය.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්ත්‍රිවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Post Views: 6
Previous Post

අපි ළඟත් තුරුම්පු තියෙනවා … ජනාධිපතිවරණයක් තියන්න – රවුෆ් හකීම් කියයි

Next Post

කථානායකට අගමැති මහින්දව පිළිගන්න වේයිද..?

editor

editor

Next Post

කථානායකට අගමැති මහින්දව පිළිගන්න වේයිද..?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved