27 July 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ ඇය පක්ෂව ඡන්ද 200 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 117 ක් පමණය.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තවත් වසරක් යනතුරු ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙරේසා මේ ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම මෙම ජයග්‍රහණය හරහා අනුමත වන බවයි.

තෙරේසා මේගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඇය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේම මන්ත්‍රිවරුන් පිරිසක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *