• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා – විපක්ෂ නායක සජිත්

10 June 2023
in දේශීය

සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම රැක ගැනීම ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (10) ගාල්ලේ දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය, ගාල්ල ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල සමඟිවත්ත අභිනවාරාම, තුන්බෝධි විපස්සනා මධ්‍යස්ථානය, හක්මන පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක ධූරය පිරිනැමූ අතර එම උත්සවයට සහභාගිවෙමිනි.

බුද්ධසාසන අමාත්‍යාංශය, බුද්ධ සාසන අරමුදල සහ තවත් සාසනික ප්‍රවර්ධන ක්‍රියාදාම රැසක් ක්‍රියාත්මක වූ අප රටේ මේ මොහොත වන විට විවිධ කරුණ කාරණා නිසා සම්බුද්ධ සාසනය යම් පසුබෑමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගිහි පැවැදි සියලු දෙනාගේම වගකීම මේ උතුම් සාසනය සුරක්ෂා කිරීම බවත් ආගම දහමත රාජ්‍ය පාලනයත් එකට කවලම් නොවිය යුතු බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගැනීම තුළ ආගම දහමට ලැබිය යුතු ඉහළ ප්‍රශ්සත සැලකීම පලුදු වන බවත් පැවසූ හෙතෙම කියා සිටියේ සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට කට වචනයට සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කිරීම බව යි.

රට පුරා ඇති විහාරස්ථානවල කැපකිරීම් රැසක් කරමින් අසීරු ගමනක් යන සම්බුද්ධ සාසනයේ මුර දේවතාවුන් ලෙස සලකන ගෞරවනීය මහා සංඝරත්නය සුරක්ෂා කිරීම ද සියලු දෙනාගේම වගකීම බවත් එය ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දෙනාම එක හා සමානව දායක විය යුතු බව ඔහු අවධාරණය කලේය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මය අනුව රාජ්‍ය පාලනය දියත් වූයේ නම් රටත් ජාතියත් ආගමත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත වන බවත් ඒ ඉලක්කය ජය ගැනීමට යාම සැමගේම වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට අසත්‍ය රජ වී සත්‍ය යටපත් වී ඇති බව යි.

 

Post Views: 11
Previous Post

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

Next Post

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

editor

editor

Next Post

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved