• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බොරු දැම්මොත් වැඩ වරදින බව අධිකරණ ඇමැතිගෙන් අවවාදයක්

10 June 2019
in සංවර්ධන

අසත්‍ය ප්‍රචාර පැතිරවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරලා ඒ සඳහා නීති ගෙන ඒමට කටයුතු තිබෙන බවත් අප කටයුතු කරන්නේ දේශපාලනය නෙමෙයි බලන්න ඕනි ජනතා අවශ්‍යතාවය අනුව බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ රුපියල් ලක්ෂ 400 ක වියදමින් ඉදිකිරීමට නියමිත නිවිතිගල දොලොස්වල පංසල්තොටේ පාලමෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ” අවුරුදු තුන හමාරක් තුළ මේ නිවිතිගල පමණක් පාලම් 10 ක් දැනට විවෘත කරලා තියෙනවා.අපේ රජය හැම වසමකම රුපියල් කෝටියකට වඩා වැඩි වැඩ කොටසක් කරලා තියෙනවා.ඔය මොකුත් කරලා නැහැ කියලා කියන අයට එන්න කියන්ඩ අපි කරපු වැඩ මම පෙන්වන්නම්.මේ වැඩ සදහා අවශ්‍ය සහාය ලබා දෙන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුති වන්ත විය යුතුයි ගම්පෙරළිය වැඩ සටහන යටතේ මේ වසරේ රුපියල් ලක්ෂ 3000 ක මුදලක් ගෙනත් තියෙනවා ගම්වල තමුන්නාන්සේලාට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීලා යහපත් වාතාවරණයක් ලබාදීම අපේ වගකීමක්. අපි ජනතාවට ස්වාධීනව ජීවත් වන්න පුළුවන් වටපිටාවක් ඇතිකරල තියනවා. සමහර අය අධිකරණයට බලපෑම් තියෙනවා කියලා කියනවා. එහෙම නෑ, විදේශ විනිශ්චයකාරවරුන් ගේනව කියලා කියනවා, එහෙම විදේශ විනිශ්චයකාරවරුන් ගේන්න අපේ කාලේනම් ඉඩ දෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීමක් වුනාට සුදුසුකම් තිබෙන අයට 95 ඉඳලා 2015 දක්වා යූ එන් පී අයට සමෘද්ධිය තහනම් වුනා. අපි වැඩකිරීමේදී දේශපාලනය නෙමෙයි බලන්න ඕනි අවශ්‍යතාවයයි. සමාජ ජාලා ඔස්සේ බොරු ප්‍රචාර ඇති කරලා ඇතැම් පිරිස් සමාජය නොමග යවනවා, ඒවා නැති කරන්න ඕනි, අසත්‍ය ප්‍රචාර පැතිරවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරලා ඒ සඳහා නීතියක් ගෙන ඒමට කටයුතු කරලා තියෙනවා. ඊට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් අරගෙන තියෙනවා. අධිකරණ කෞතුකාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් පවතිනවා. ඒක බැරෑරුම් කටයුත්තක් ඉදිරි වසර කිහිපය තුල එම කෞතුකාගාරය ඉදි කිරීමට කටයුතු සිදු කරනවා. එදා ජනාධිපතිවරණය වෙලාවේ අපි බොහොම අමාරුවෙන් මේ ප්‍රෙදේශවල මැතිවරණ කටයුතු කළේ ඒත් අපිට ඡන්දය දුන්න මිනිස්සුන්ට ලැජ්ජාවකින් තොරව කතා කරන්න පුලුවන් වාතාවරණයක් අපි ඇතිකරලා තියෙනවා.අපි අවශ්‍ය සංවර්ධනය ගමට ගෙනත් තියෙනවා ” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Post Views: 16
Previous Post

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

Next Post

පසට පොහොර යෙදීමට පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනව බව ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

පසට පොහොර යෙදීමට පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනව බව ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved