• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ සුජාත දරුවා අපචාරයට ලක්වෙලා – ජනපති

21 February 2019
in දේශීය

තමා විසින් බිහි කළ දරුවා “19 වන සංශෝධනය- සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාලනය කරන තමාට හැගෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ව්‍යවස්ථා සභාව පිළිබඳව අද(21) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක් වූ අවස්ථාවේදීයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඇති සමහර විනිසුරුවරුන් සම්බන්ධයෙන් තමා විරෝධයක් දැක්වු බව අගමැතිවරයාගේ ප්‍රකාශය තුළින් හැඟවු බවයි.

ඉතා පැහැදිලි වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පත්කර ඇති විනිසුරුවරුන් සම්බන්ධයෙන් තමාගේ කිසිදු විවේචනයක් නොමැති බව පැවසු ජනාධිපතිවරයා ප්‍රශ්නය කණපිට හරවා රටට තමා කෙරෙහි වැරදි රූපයක් පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ ගන්නා බව ද සඳහන් කළේය.

මේ වන විට ව්‍යවස්ථා දායක සභාව විනිසුරුවරුන් 14 ක ගේ නම් ප්‍රතික්ෂේප කර ඇති බවත්, එවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ ඇයි ද යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේය.

අද වන වටි ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වී ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙන බව ද පැවසු ජනාධිපති වරයා ඒ අනුව තමා වෙත පවරා ඇති වගකීම අනුව තමාට ඒ පිළිබඳව සොයා බැලීමට නීතිමය හා සාදාචාරාත්මක අයිතියක් ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Post Views: 9
Previous Post

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

Next Post

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

editor

editor

Next Post

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved