27 April 2024
#දේශීය

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබේ.

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් කියා ඇත්තේ”නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුලත්කර ඒවා අධිකරණය තුල ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙහිදී ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනය කළ අමාත්‍යවරුන්, අතීතයේදී යම් යම් පිරිස් වෙතින් සිදුවූ වැරදි අමතක කොට, රට ජාතිය වෙනුවෙන් ඔවුන්ට සමාව ලබාදී, රටේ දියුණුවට අවශ්‍ය සංහිදියාව ගොඩනැගීම සදහා සිංහල බෞද්ධ නායකයෙක් වශයෙන් නායකත්වයක් ලබාදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *