• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මඩකලපුව විශ්ව විද්‍යාලය පටන් ගත් දා සිටම පට්ටපල් වංචාවක් – ඇමැති පාඨලි

8 July 2019
in දේශීය

හිස්බුල්ලා හදපු මඩකලපුව සරසවිය, රජයේ නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතු බවත් විශ්ව විද්‍යාලයට ලැබුණු අරමුදල් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා රුපියල් මිලියන 75 ක වියදමින් ඉදිකිරීමට යෝජිත අම්පාර නාගරික සංවර්ධන අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අද ප‍්‍රශ්නයක් පැණ නැගිලා තිබෙනවා මඩකලපු විශ්ව විද්‍යාලය ගැන. මේ විශ්ව විද්‍යාලය පටන් ගත් දා සිටම පට්ටපල් වංචාවක්. කිව්වේ මේ විශ්ව විද්‍යාලය ඇති කරන්නේ පොදුවේ අපේ දරුවන්ට තාක්ෂණික පුහුණුව ලබාදෙන්න කියලා. ඒක බොහොම හොඳ අදහසක්. මේ මේ පාඨමාලා කියලා පාඨමාලා 5 ක් දාලා තිබුණා. නමුත් කරන්නේ, කරල තියෙන්නේ වෙනම කාරණයක්. ඒ වගේම මේ විශ්ව විද්‍යාලය අද ගොඩනැගිලා තිබෙනවා. මේකට යවපු අරමුදල් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. මේක එක්තරා පුද්ගලික ධනයක්. වෙනත් අරාබි රටකින් මේ රටට ආපු එකක්. මේ ධනය නිවැරදිව පාවිච්චි උනාද මේ ගොඩනැගිලි හදන්න කියන එක පවා අද ප‍්‍රශ්නයක්. මොකද මේ ධනය අතරමගදි කවුරු කවුරු හරි කොල්ල කාලා කියන එකත් ඉතා පැහැදිලියි. ඒ නිසා මේ ගැන නිෂ්චිත තීරණයක් ඕනේ. මේ ධනය කවුරු කොහොම ගෙනාවද? පළමුව මෙය රජයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කොටසක් වෙලා මේ නැගෙනහිර පළාතේ ජීවත්වන මුස්ලිම්, දෙමළ සිංහල සියළු දෙනාටම අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් විය යුතුමයි. ඒ වගේම මේ ධනය විදේශවලින් ගෙනල්ලා, ඒවයින් යම් යම් පිරිස් සාක්කුවේ දාගෙන තිබෙනවා නම් දරුවන්ට අධ්‍යාපනය දෙනවයි කියලා, ඒ අයට අනිවාර්යයෙන්ම දඬුවම ලබා දිය යුතුමයි. මොකද මේ සම්ප‍්‍රදාය ඉදිරියට ගියොත් මේ ප‍්‍රශ්න ඔයිටත් වඩා උග‍්‍ර වෙනවා. අද මැලේෂියාවේ හිටපු අගමැතිතුමා නජීඩ් එතුමා හිරගෙදර ඉන්නේ ඇයි. ඔය මඩකලපු විශ්ව විද්‍යාලය වගේම නොයෙකුත් පුණ්‍ය කටයුතු කරනවා කියලා විවිධ රටවලින් ප‍්‍රකෝටි ගණන් ධනය අරගෙන තමනුත් තමන්ගේ බිරින්දෑවල් ඇතුළු පවුලේ සුඛ විහරණයට යොදා ගත් නිසා. එහෙම නම් ඒකත් අපි ආදර්ශය අරගෙන මේ රටේ ක‍්‍රියාත්මක විය යුතු ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 28
Previous Post

ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි ජවිපෙ ජන ගඟ අද නුගේගොඩට

Next Post

ගාලු හිරගෙදරට කරවල බැදුමේ කුඩු ගෙනා අයෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ගාලු හිරගෙදරට කරවල බැදුමේ කුඩු ගෙනා අයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved