• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ද්‍රව්‍ය පිටු දැකීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

30 June 2019
in දේශීය

බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය කියා සිටියේ ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම සතිය තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන් ම මුර සංචාර සිදු කරන ලෙස ද සුරා බදු කොමසාරිස් ජනරාල් විසින් එහි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව නීත්‍යනුකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බව නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විධිවිධාන යොදා ඇත.

මීට අමතරව සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව සිදු කෙරේ.

නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහය ද අපේක්ෂා කෙරේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් ප්‍රකාශයට පත් කර ඇති අතර තොරතුරු දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂයෙන් කටයුතු කරනු ඇත.

011 2 045 077/78 යන දුරකතන අංක ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි ය. ජූලි මස 01 දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 15
Previous Post

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

Next Post

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් 3ක් අල්ලයි

editor

editor

Next Post

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් 3ක් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved