• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන මසකට වරක් වාර්තාවක් ඕන – ජනපති පොලිස්පතිට දන්වයි

26 November 2018
in දේශීය

මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාස් පතා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට සියලු නිලධාරින් රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව සියලු දෙනාට ස්තූතිය පළ කළේය.

වඩාත් ශක්තිමත් සහ ගුණාත්මක සේවාවක් ලෙස පොලිස් සේවාව පවත්වාගෙන යාම සඳහා ක්ෂේත‍්‍රයේ සිදු විය යුතු ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරී ඉටුකිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ක්ෂේත‍්‍රයේ සියලූ ගැටලු සාකච්ඡා සහ සංවාද මගින් විසඳා ගැනීමට ඇති හැකියාව ද පැහැදිලි කළේය. එමෙන්ම පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

අද දවසේ මෙන්ම හෙට දවසේ රට හමුවේ ඇති අභියෝග හඳුනා ගනිමින් සැලසුම්සහගතව පොලිස් දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා පොදු ජනයා අපේක්ෂා කරන සාධාරණ හා අපක්ෂාපතී පොලිස් සේවයක අවශ්‍යතාවයත්, පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, පසුගිය මාස තුන තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත්, අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සළස්වන ලෙසත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය ද විමසා බැලුණු අතර, පාතාලය මර්දනය වෙනුවෙන් දැඞී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ

Post Views: 19
Previous Post

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා – නලින් බණ්ඩාර කියයි

Next Post

19 නිසා අවුල් බව ගෝඨා කියයි

editor

editor

Next Post

19 නිසා අවුල් බව ගෝඨා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved