27 April 2024
#දේශීය

19 නිසා අවුල් බව ගෝඨා කියයි

අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට මේ වන විට අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අද (26) අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුවයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට හා බැසිල් රාජපක්ෂ මහතාට තනතුරු ගැනීම් වලක්වා ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සකස් කර ඇති බවයි. එය ඇතැම් විට පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස සිදු කර ඇති බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *